දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් - මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන…
Homeගොසිප්

රනිල් - මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන…

PropellerAds

මිග් ප‍්‍රහාරක යානා ගෙන්වීමේ දී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනාවක් වේ. ඒ ගනුදෙනුව සිදු වෙද්දී රුසියාවේ හා යුක්රේනයේ තානාපතිවරයා ලෙ...

රජයේ වාණිජ ව්‍යාපාර 55න් බිලියන 1800ක ආදායමක්.
බිස්නස් එක දියුණු කරන්න , අලුතින් ම පටන් ගන්න : පොලි නැතුව ණයක් ගන්න.
ලක්බිම නිවුස් පේපර්ස් වහලා? : තිලංගගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන.

මිග් ප‍්‍රහාරක යානා ගෙන්වීමේ දී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනාවක් වේ. ඒ ගනුදෙනුව සිදු වෙද්දී රුසියාවේ හා යුක්රේනයේ තානාපතිවරයා ලෙස කටයුතු කළේ උදයංග වීරතුංගය. උදයංග වීරතුංග කියන්නේ, ගෝඨාභයගේ හා මහින්දගේ පුංචි අම්මාගේ පුතාය. ගෝඨාභය කියන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. මිග් යානා ගෙන්වීමේ ප‍්‍රධාන වගකීම පැවරී තිබූයේ, ආරක්ෂක අමාත්‍යාංශයටය. එවකට ආරක්ෂක ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂය. බැලූබැල්මට සිදු වීම පිටුපස ගුප්ත දෙයක් ඇති බව හරි පැහැදිලිය. හිටපු විදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර ඉතා පැහැදිලිව කරුණු දක්වා සිටියේ, මිග් යානා ගෙන්වීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවය. එයට අදාළ සියලු ලිපි ලේඛන යුක්‍රෙන් ආණ්ඩුවෙන් ලබාගෙන ඇති බවට ද ආරංචි විය. චෝදනාවට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සියලු පරීක්ෂණ අවසන් කරන ලද්දේය. සිදු වී ඇති මූල්‍ය වංචාවට අදාළව ප‍්‍රධාන චූදිතයන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, උදයංග වීරතුංග ඇතුළු හිටපු ගුවන් හමුදාපති රොෂාන් රණසිංහ යන අයට එරෙහිව නඩු දැමීමට පියවර ගත්තේය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද එයට අවශ්‍ය නීතිමය මැදිහත් වීම අවශ්‍ය පමණින්ම සිදු කෙරිණි. එහෙත්, ඊට අදාළ නඩු කටයුත්ත ඉදිරියට යාමේ දී ප‍්‍රධාන බාධාවක් එල්ල විය. ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර තිබිණි. ඒ මගින් මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය අවසන් වන තෙක් ගෝඨාභයව අත්අඩංගුවට ගැනීම වළක්වාලන තීන්දුවක් දී තිබිණි. එමඟින් රටේ ජනතාවගේ මුදල් හෙවත් රජයේ පොදු දේපළ කෝටි ගණනක වංචාවක් පිළිබඳව වූ ප‍්‍රධාන චූදිතයාව අත්අඩංගුවට ගැනීම වළක්වා තිබිණි.

ඒ හා නොදෙවැනි වූත්, තවත් රජයේ දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමක් වාර්තා වී තිබිණි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන සියලු දෙනාගේම පියා වූයේ ඩී.ඒ. රාජපක්ෂ ය. ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් වූ සොහොනක් වීරකැටියේ ඉදි කෙරිණි. සොහොන් කීවාට එය එසේ මෙසේ සොහොනක්ම නොවීය. කෞතුකාගාරයක්ය. මෙයට මුළුමනින්ම වියදම් කර තිබුණේ රජයේ මුදල්ය. රජයේ මුදල් කාගේ හෝ පෞද්ගලික සොහොනක් සෑදීමට වියදම් කරන්න කිසිවෙකුට අයිතියක් නැත්තේය. මේ පිළිබඳව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරනු ලැබීය. එයට පිළිතුරු ලබා දුන්නේ මෙගා පොලිස් නියෝජ්‍ය ඇමතිවරයා වන ලසන්ත අලගියවන්නය. හැන්සාඩ් වාර්තාවේ එකී ප‍්‍රශ්නය හා පිළිතුර සටහන් වී ඇත. පිළිතුරට අනුව පැහැදිලිවම වැරදි ලෙස රජයේ මුදල් යොදාගෙන ඇත. එම වරද පිළිගත් ගෝඨාභය ඇතුළු කණ්ඩායම වියදම් වූ මුදලින් කොටසක් එනම්, රුපියල් ලක්ෂ තුන්සියයක් ඒ වෙන කොට ආපසු ගෙවා ඇති බව පිළිතුරු ලෙස ලසන්ත අලගියවන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර සිටියේය. අද ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටින භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස කියන්නේ, වියදම් වුණු මුදල ගෙවා ඇති බවකි. ඒකෙන්ම වැරදි ලෙස මුදල් වියදම් කළ බව ඔප්පු වී අවසන්ය. රුපියල් ලක්ෂ හාරසිය පනස් අටක් ජනතාවගේ මුදල් තමන්ගේ තාත්තාගේ සොහොන හදන්න වියදම් කරන්න කිසිදු හැකියාවක් ජනාධිපතිවරයකුටවත් නැත. නීතිය එසේ තිබිය දී, නිකම්ම නිකන් අමාත්‍යාංශ ලේකම්වරයකුට හිතුමතයට අමාත්‍යාංශය සතු මුදල් මෙලෙස පාවිච්චි කරන්න කොහෙත්ම හැකියාවක් නැත. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වීය. පරීක්ෂණ අවසන් වූ පසු නීතිපතිවරයාගෙන් අවශ්‍ය නීතිමය තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. නීතිපති දෙපාර්තමේන්තුව ඉතා පැහැදිලිව නිරවුල්ව ලිඛිතව ඒ පිළිබඳ ඇති නීතිමය තත්ත්වය සඳහන් කරමින්, ලිපියක් එවා තිබිණි. එහි සඳහන් වූයේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් හාරකෝටි පනස් අට ලක්ෂ හැටතුන් දහස් නවසිය විසි නවයයි ශත හය (රු. 4,58,63,929.06)ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද හේතුවෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 103 (ආ), 102 හා 381 වගන්ති කඩ කිරීම හේතුවෙන් 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 05(1) වගන්තිය යටතේ වරදක් සිදු කොට ඇති බවය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර ඒබ‍්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන අයට එරෙහිව එකී වරද කිරීම සම්බන්ධයෙන් 1975 අංක 15 දරන අපරාධ නඩු විභාග සංග‍්‍රහ පනත යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසත්, එම ප‍්‍රකාශ තමා වෙත එවන ලෙසත් නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇත. එහිදී මෙම  වරද පොදු දේපළ විෂයෙහි ලා සිදු කරන ලද වරදක් බැවින්, මෙම නීති කෘත්‍යයට අදාළව පොදු දේපළ පිළිබඳ සහතිකය ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද වැඩි දුරටත් උපදෙස් දී ඇත. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දැනටමත් විභාග කර ඇති නඩු අංක ඩී 30485/04/2015 යටතේ ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නොවැම්බර් 16 වැනිදා උපදෙස් දී ඇත.

නොවැම්බර් 16 වැනිදා නීතිපති එසේ කියා තිබුණ ද, හදිසියේ ප‍්‍රබල හස්තයක් ක්‍රියාත්මක විය. අද මුළු රටම එය දන්නා දෙයකි. මෛත්‍රීපාලගේ මැදිහත් වීමෙන් එය වහා නවතා ඇති බවට දේශපාලනයේ ඉහළ බරපතළ සාකච්ඡාවක් විය. නියෝගය ලැබුණේ නොවැම්බර් 16 වැනිදා නම්, අඩුම ගණනේ නොවැම්බර් 17 වැනිදාම අත්අඩංගුවට ගත යුතුව තිබිණි. එහෙත්, එය එසේ සිදු නොවිණි. අධිකරණ ඇමතිනි, තලතා අතුකෝරල මහත්මිය පවා පුදුමයට පත් කරවීය. කවුරුත් දන්නා පරිදි මෛත්‍රීගේ මැදිහත් වීමෙන් මෙය නවතා ඇත. තලතා දින දෙක තුනකින් පසු නීතිපතිගේ ලිපියක් සහිතව මෛත්‍රී මුණගැසුණු බවද ආරංචි වේ. මෙය අධිකරණ ඇමතිවරියගේ බලතල ජනාධිපතිවරයා විසින් පාවිච්චි කිරීම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් වී තිබුණේය. එබැවින්, කලබල වී ඇය එහෙම නතර කළේ ඇයි යන්න ප‍්‍රශ්න කර සිටි බවද දැනගන්නට ඇත. කෙසේ නමුත්, එය එසේ සිදු විය.

මේ සතියේ එනම්, නොවැම්බර් 29 වැනිදා අභියාචනාධිකරණය විසින් අමුතුම තීන්දුවක් ලබා දුණි. ඩී.ඒ. රාජපක්ෂ සොහොන හැදීම සඳහා පොදු දේපළ අයථා භාවිතයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම වහාම අත්හිටුවා තිබිණි. පෙත්සම් පාර්ශ්වයෙන් පමණක් කරුණු විමසා නඩු තීන්දුව ලබා දී තිබිණි. අඩුම ගණනේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ වගඋත්තරකාර පාර්ශ්වයෙන් කරුණු විමසීමක් ලබාගෙන නොතිබිණි. ඒ අයට දැනුම් දීමක්වත් කර නොතිබිණි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, නීතිඥ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින්, කියා තිබුණේ පත්තරවලින් දැනගෙන තමා ආ බවය. එබැවින්, ඒකපාර්ශවීයව තීන්දුවක් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියාය. කෙසේ නමුත්, කලින් සූදානම් කරගෙන තිබූ තීන්දුව එලෙසම ලබා දී තිබිණි.

ඉස්කෝලේ පහසුකම් ගාස්තු ගෙවීමට දෙමව්පියන්ට මුදල් නොමැති වීමෙන් අල්ලපු ඉඩමෙන් පොල්ගෙඩි අටක් අහුලා ගත් අහිංසක පාසල් දැරියකට රුපියල් පනස් දහසක දඩයක් ගැසුවේය. ගිය මාසයේ අනුරාධපුරයේ දුප්පත් අම්මා කෙනෙක් බඩගින්නට කෑම සඳහා අඹ ගෙඩි දෙකක් කඩා ගත්තා යැයි වරදට පොලිස් කූඩුවේ දමා රුපියල් ලක්ෂයක දඩයක් ද ගැසුවේය. රුපියල් ලක්ෂ හාරසිය පනස්අටකට ජනතාවගේ මුදල් තමන්ගේ පෞද්ගලික වැඩවලට පාවිච්චි කරමින්, සිදු කළ සාපරාධී අපරාධයට එරෙහිව අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත. බැලූ බැල්මට මෙය අධිකරණමය තීන්දුවක් වුවද, එය එසේ යැයි කිව නොහැක. මෛත්‍රී මැදිහත් වී නතර කිරීම ගැන දේශපාලන ලෝකයේ බරපතළ විවේචනයක් ඔහු වෙත එල්ල වූයේය. අවසානයේදී ඔවුන්ගේ උපදෙස් හා මැදිහත් වීමෙන් මෙය සිදු වූවා යැයි යන්න ඕනෑම පොඩි දරුවෙකුට වුවත් තේරුම් ගන්නට පුළුවන්ය.

ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම අද දක්වා නතර වී ඇත. ඇස් ඉදිරිපිට ඔප්පු වන සාක්ෂි තිබුණ ද, එය නතර වී ඇත. තාජුඩීන් ඝාතනයේ වගඋත්තරකරුවෝ තව ම නිදැල්ලේ සැරිසරති. ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන අයට දඬුවම් ලැබුණ ද, දින දහයෙන් ඇප ලබා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ද එයම සිදු වී ඇත. මේ හැම සිද්ධියක් පිටුපසම දේශපාලකයෙක් ඇත. දේශපාලන වුවමනා එපාකම් මත අධිකරණමය සිද්ධීන් සිදු වන බව ඉතාම පැහැදිලි සත්‍යයකි. ධනේශ්වර අධිකරණය යනු උන්ගේ පැවැත්ම වෙනුවෙන් සාදා ගත් එකක්මය යන්න වඩාත් හොඳින් තහවුරු වන්නේ මෙවැනි සිදුවීම්වලින්ය. උන්ගේම පැවැත්ම යනු පාලකයන්ගේම පැවැත්මය. අද පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නය යූ.එන්.පී.යට වාගේ ම ශ්‍රීලනිපයට ද ඇත්තේය. ළඟ එන පළාත් පාලන ඡන්දය තම තමන්ගේ පැවැත්ම පිළිබඳව තීරණාත්මකව ප‍්‍රශ්න කරනු ලබන එකක්ය. එහිදී මෛත‍්‍රී පිල තනිවම ඉල්ලීම ද, මහින්ද පිල තනිවම ඉල්ලීම ද පරාජයේ සහතිකය කල් තියාම ලබා ගැනීමකි. ඒ නිසාම එකතු වීමේ සාකච්ඡා ඇරඹීය.

ශ්‍රීලනිපයේ තරුණ පෙරමුණ මගින් හදිසියේ ඡන්ද පෙත්සමක් දැම්මේ මැතිවරණය කල් දමා ගැනීමටය. කල් දමා ගන්නේ දෙගොල්ලන් එකතු වී එකට ඡන්දය ඉල්ලන්න සාකච්ඡා කර ගැනීමටය. ෆයිසර් මුස්තාපා වැරදියට ගහපු ගැසට් එකම ඒ සඳහා යොදා ගත්තේය. කෙසේ නමුත්, අද එකි උපක‍්‍රමය අසාර්ථක වී ඇත. මැතිවරණ කොමිසම මගින් ගැටලුවක් නැති පළාත් පාලන ආයතන අනූතුනක ඡන්දය පැවැත්වීමේ තීරණය ගෙන ඇත. එකතු වීම තවමත් සිදු වී නොමැත. පාර්ලිමේන්තුවේ හා පිටත සමාජයේ ද ෆයිසර්ට හා මෛත්‍රීට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ෆයිසර්ට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක්ම ඉදිරිපත් වී ඇත. මේ සියල්ල හමුවේ විශේෂයෙන්ම තමන්ගේ උපක‍්‍රමය අසාර්ථක වීම හේතුවෙන්ම නඩුව ඉල්ලා අස් කර ගන්නට එකඟ වී ඇත. ඒ අනුව නීතිපති මගින් උසාවියට මෝසමක් ඉදිරිපත් කර නඩුව ඉක්මනින් ඇසීමට ද එකඟ වී ඇත. එහෙත්, මෝසමට උසාවිය ඉඩ දුන්නේ නැත. නඩුවට අදාළව මැදිහත් වී සමථයකට දෙපාර්ශ්වයම එකඟ බව දන්වා ප‍්‍රශ්නය බේරා ගැනීමටද උත්සාහ කළේය. මේ සියල්ල සිදු වූයේ මහින්ද කල්ලිය හා එක් වීමේ අරමුණ ඇතිවය.

මෛත්‍රීට මංගලව හමු වී කියා ඇත්තේ ද, තමන්ට වෙන කරන්න දෙයක් නොමැති බැවින්, එකතු වන්නට සිදු වන බවක්ය. එකතු වෙනවා නම්, තව දුරටත් එකට ආණ්ඩු කරන්නට බැරි බව යූ.එන්.පී.යෙන් දන්වා ඇත. කොහොමටත් දෙගොල්ලන්ගේ ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම මේ මස 11 වැනිදායින් අවසන් වන්නේය. සියල්ල මෙසේ සිදු වෙද්දී මාධ්‍යවල ඒකාබද්ධයේ අය හා රනිල් පිලේ අය කියන්නේ චණ්ඩි කතාය. දෙගොල්ලන්ටම එකතු වෙන්නට වුවමනාව තිබුණ ද, පෙන්වන්නේ එවැන්නක් නැති බවය. ශ්‍රීලනිපයේ පසුගිය මධ්‍යම කාරක සභාව තීරණය කළේ ද එකතු වී ඡන්දය ඉල්ලිය යුතු බවය. එය අවසන් වූ පසු එහි නියෝජිතයන් අප‍්‍රසිද්ධියේ කිව්වේ එහෙම තීරණයක් ගත්තේ ඇත්තට ම එකතු වෙන්නට නොවේය. පක්ෂය කඩන්න මැදිහත් වන්නේ තම පාර්ශ්වය බව පාක්ෂිකයන්ට පෙන්වන්නට යැයි කියාය. ඒ බොරු කතාවක්ය. මෛත්‍රී මංගලට කියූ දෙයින් පැහැදිලිවම තේරුම් යන්නේ එකතු වීම මෛත්‍රීගේ ඊළඟ ජනාධිපති සිහිනයේ ද කොටසක් වන බවය.

එකතු වෙලා ජනාධිපතිවරණයට කලින් බැඳුම්කරය පාවිච්චි කරලා රනිල්ටත් ගේමක් දීලා බලයට එන සැලැස්මක් තිබිය හැකිය. එහෙත්, ඒ හිතන තරම් ලෙහෙසි දෙයක් නොවේය.

දැනටමත් ගෝඨාභය එළිය දල්වාගෙන යන්නේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නටය. ගෝඨාභයට අගමැතිකම දීලා මෛත්‍රී ජනාධිපති වෙන්න හිතුවාට ගෝඨාභය ඒකට කොහෙත් ම කැමති වන්නේ නැත. චමල්ට අගමැතිකම දීලා වැඩේ ගොඩ දා ගන්න එකක් හරියන්නට පුළුවන්ය. ඒත් ඔය මොනවා කළත්, මෛත්‍රීට ආපහු දිනන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැත. මේ ගහන ගේම්වලින් වෙන්නේ පක්ෂ සාමාජිකයොත් නැති කරගෙන යම්තම් හෝ යහපාලනය ගැන විශ්වාසයක් තියාගෙන හිටිය මධ්‍යස්ථ ඡන්දදායකයෝත් නැති කරගෙන අනාථ වෙන්නටය. දැනටමත් කරන කියන දේවල්වලින් අන්තිමටම සවුත්තු වෙලා තියෙන්නේ මෛත්‍රීය. කොළේ ඉරගෙන, ඇඟේ හලාගෙන වැඩ කරන්නේ රනිල් ඇතුළු යූ.එන්.පී.ය බව සැබෑවකි. එහෙත්, ඒ නිසාම මෛත්‍රීට හදා ගන්න පුළුවන් වෙච්ච දේශපාලන ප‍්‍රතිරූපයක් ද නැත්තේය. ඒ ඔක්කොම දේවල් වෙන කොට ආණ්ඩුවේ සහ කැබිනට්ටුවේ ප‍්‍රධානියා ලෙස ඉන්නේ මෛත්‍රීය. ඒ නිසා ඇෙඟ් හලා ගන්න කොට මෛත්‍රී ඇඟෙත් ඒ ඔක්කොම දැන් හැලිලා අවසන්ය.

(ලංකා ඉරිදා සංග්‍රහය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් - මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන…
රනිල් - මෛත්‍රී දෙන්නම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන…
http://ift.tt/2BCqvU9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy