දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැනඩා රැකියා වංචාව අතාවුද සෙනවිරත්නගේද?
Homeගොසිප්

කැනඩා රැකියා වංචාව අතාවුද සෙනවිරත්නගේද?

PropellerAds

පුද්ගලයින් 74 දෙනෙකුට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව  වාර්තාවේ.   ට්‍රැවල් හවු...

හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී.
හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී.
'පොහොට්ටුවට ඡන්දය දුන් සැමට ස්තුතියි'- එජාප මන්ත්‍රී චතුර සේනාරත්න.

පුද්ගලයින් 74 දෙනෙකුට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව  වාර්තාවේ. 

ට්‍රැවල් හවුස් ලංකා පුද්ගලික ආයතන, හයිලෙවල් පාර, මහරගම ලිපිනයේ පදිංචි ඕ. එම්. ප්‍රේමරත්න සහ අංක 68, කීල්ස් නිවාස සංකීර්ණය, පිංවත්ත, පානදුර ලිපිනයේ පදිංචි ඉන්දික මෙනත් ජයසූරිය යන අය විසින් මෙම වංචාව කර ඇත.

කැනඩාවට පුද්ගලයින් රැකියා සඳහා යවන බවට මොවුන් විසින් ප්‍රචාරය කර ඇත්තේ 2008 වසරේදීය. එම ප්‍රචාරයෙන් පසුව වයඹ පළාතේ කුරුණෑගල විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දී මොවුන් විසින් රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීම සඳහා එවකට වයඹ පළාත් මහ ඇමති අතුල විජේසිංහ, එවකට කම්කරු ඇමති අතාවුද සෙනවිරත්න සහ ඉහත සඳහන් ප්‍රේමරත්න සහ ඉන්දික ජයසූරිය යන අය සහභාගී වී ඇත. ඒ හරහා මෙම රැකියා ව්‍යාපෘතිය රජයේ ආධාරයෙන් කෙරෙන්නක් බවට පැමිණ සිටියවුන්ට ඒත්තු ගන්වා ඇත.

එම රැස්වීමේදී මෙම රැකියා ව්‍යාපෘතිය කැනඩා සමාගමක් වන කේයම් නැමති ආයතනයක් මඟින් කෙරෙන්නක් බවත් ට්‍රැවල් හවුස් ලංකා ආයතන හරහා සිදු කෙරෙන්නක් බවත් පවසා ඇති අතර කැනඩාවේ රැකියා සඳහා යන්නන්ට පුහුණුවක් ලබාදෙන බවත් ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවකට සහභාගී විය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙම වංචාවට හසු වූ පුද්ගලයින් 74 දෙනෙකු මහරගම ලංකා බැංකු ශාඛාවේ 3857XXX දරණ ගිණුමට රුපියල් ලක්ෂ 8 බැගින් තැන්පත් කර ඇත. එහෙත් කිසිවකුට කැනඩාවට යාමට අවස්ථාවක් නොලැබුණු නිසා ඕ.එම්. ප්‍රේමරත්න නමැත්තාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දික ජයසූරිය නමැත්තා කැනඩාවට ගිය බවත් ඔහු සියළුම මුදල් කැනඩාවට රැගෙන ගිය බවත්ය. ලංකා බැංකුවේ තිබුණු මුදල් කැනඩාවට ලබාගෙන ඇති අතර එය ප්‍රේමරත්න සහ ජයසූරිය විසින් බෙදාගෙන ඇත. මෙහි සම්පූර්ණයෙන් වංචා කෙරුණු මුදල රුපියල් පන්කෝටි අනූ දෙලක්ෂ‍යකි.

මේ වන විට මෙම වංචාව කර කැනඩාවට පැන ගිය ඉන්දික මෙනත් ජයසූරිය නමැත්තාව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ පිළිබඳව පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ 2011.12.09 වන දිනය. වංචාවට හසුවූ පුද්ගලයින් මේ තරම් මුදලක් වංචනිකයින් වෙනුවෙන් තැන්පත් කරන්නේ කම්කරු ඇමතිවරයා ද අදාළ රැස්වීමට සහභාගී වූ නිසාය. එසේම පැමිණිල්ල පිළිබඳව මෙතරම් කාලයක් යුක්තිය ඉටු නොවන්නේ ද වංචනිකයින්ට ලැබුණු දේශපාලන රැකවරණය නිසාය. එහෙයින් වංචාවට ලක් වූ පුද්ගලයින් චෝදනා කරන්නේ හිටපු කම්කරු අමාත්‍ය අතාවුද සෙනවිරත්න ද මෙම වංචාවට සම්බන්ධ බවටය.

(ලංකා නිව්ස් වෙබ්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැනඩා රැකියා වංචාව අතාවුද සෙනවිරත්නගේද?
කැනඩා රැකියා වංචාව අතාවුද සෙනවිරත්නගේද?
http://ift.tt/2zMuHhW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_609.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_609.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy