හෙද හෙදියන් 1629 ක්, හෙද උපාධිධාරීන් 76 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 168 ක්, ඇතුලු තවත් ක්ෂේත්‍ර සඳහා 2145 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කි...
හෙද හෙදියන් 1629 ක්, හෙද උපාධිධාරීන් 76 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 168 ක්, ඇතුලු තවත් ක්ෂේත්‍ර සඳහා 2145 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“වත්මන් රජය බලයට පත් වීමේන් පසු රාජ්‍ය සේවකයින්ට වරප්‍රසාද රැසක් ලබා දුන්නා. සෞඛ්‍ය සේවාව ද ප්‍රීතිමත් සේවාවක් බවට පත්කලා. වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට අවධානය යොමු කර ඉටුකර දී තිබෙනවා. වසර 2004 න් පසු රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000ක් වැඩිකර තිබෙනවා. එය මැතිවරණ පොරොන්දුවක්. මම මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර රුපියල් 3000 ක අමතර දීමනාවක් ද හෙද හෙදියන්ට ලබා දුන්නා. හෙද උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා.”
“කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කිරීමට නියමිත හෙද පීඨය ඉදිකිරීමට දෙසැම්බර් මස 20 වනදා මුල්ගල් තියනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ. එම හෙද පීඨය මහල් 19 කින් යුක්ත වන අතර 2000 කට එකවර අධ්‍යාපනය ලැබිය හැකි වනවා. හෙද උපාධිය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහල් 14 ක හෙද නේවාසිකාගාරයක් ද ඉදි කරනවා. සියළුම සිසුන්ට බ්‍රිතාන්‍ය ගුරුවරුන් මඟින් ඉංග්‍රිසි භාෂා පාඨමාලාව ක්‍රියාත්මක කරනවා. මෙම හෙද පීඨයේ බිහි කරන හෙද උපාධිධාරීන් රාජ්‍ය, පෞද්ගලික හා විදේශ රැකියා සඳහා යොමු කිරීමට හැකියාව තිබෙනවා. හෙද හෙදියන් ද වෘත්තීයවේදීන් බවට පත් කරනවා. ගාල්ල, මාතර, කලුතර, අනුරාධපුරය සහ මහනුවර හෙද විද්‍යාල සංවර්ධනය කරනවා. ඒ සඳහා 2017 වසරේ දී රුපියල් මිලියන 300 ක් වැය කලා. 2018 වසරේදීත් රුපියල් මිලියන 300 ක් වැය කරනවා.”
“හෙදකමත් ප්‍රන්‍යකර්මයක්. “ආරෝග්‍යා පරමාලභා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. යහපාලන රජය සෞඛ්‍යට හා අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරනවා. හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ 20% මුදල් වැය වන්නේ ස්ටෙන්ස් වලටයි. ප්‍රධාන රූපවාහිනී නාලිකාවක නිවේදක මහතෙකු මාව නිතරම විවේචනයට ලක් කරමින් සිටියා. නමුත් ඔහුගේ පියා කොළඹ ජාතික රෝහලට හෘද සැත්කමක් සඳහා ඇතුලත් කල අවස්ථාවේ දී එහි සිටි විශේෂඥ වෛද්‍යවරයා ස්ටෙන්ස් නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව නිවේදක මහතා දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා අපට දැනුම් දී තිබෙනවා හොඳම ස්ටෙන්ස් රෝගීන්ට ලබා දෙන්න කියලා යැයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබුණා. එවිට නිවේදක මහතා ප්‍රකාශ කර තිබුනා අපි මේවා දෙන්නේ නැහැ කියලා අපිට දොස් කියනවා විතරයි. හරියට තොරතුරු දැන ගත්තම වටිනාකම තේරෙනවා. කොළඹ ජාතික රෝහලේ පස්වරු 4 පසුවුව ද හෘද සැත්කම් සිදු කරනවා. අහිංසක රෝගී ජීවිත බේරා ගැනීම අඛණ්ඩව සිදු කල යුතුයි.”
“පෞද්ගලික රෝහල් වල මිල පාලනය කිරීම තමයි මගේ මීළඟ අරමුණ. ඒ සඳහා වූ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය සේවාව වෙළදාමක් නොවෙයි. යහ පාලන රජය විවේචනය කරනවා. බනිනවා. නමුත් මෙම රජය කරපු හොඳ වැඩ ටොන් ගණනක් තියෙනවා. වසර 2020 වන විට හෙද හෙදියන් 8500 ක් පුහුණු කර සෞඛ්‍ය සේවාවට අනුයුක්ත කළ යුතුයි. දැනට හෙද හෙදියන් 600 ක් හිගයි. වර්තමාණයේ සෞඛය සේවකයින් විනීතව රෝගීන්ට කථා කරනවා. රෝහල් පිරිසිදුව පවත්වාගෙන යනවා. රාජකාරිය හරියට කරන්න. වෛද්‍ය වෘත්තිය මෙන් හෙද සේවයට ද වෘත්තීයමය භාවයක් ලබා දීම මගේ අරමුණයි.”
මෙම උත්සවයේදී බොරුල්ල රිච්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක ලිටිල් හාට් ව්‍යාපෘතිය සඳහා 2012 B හෙද කණ්ඩායම විසින් එකතු කරන ලද රුපියල් 250,000 ක මුදල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාට ලබා දීමට සිදු විය.
මෙම උත්සවයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරු ඇතුලු නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂකවරු ඇතුලු පත්වීම් ලාභීන් ද එක්ව සිටියහ.
– ප‍්‍රසන්න අධිකාරී
COMMENTS