රාජපක්ෂ ආණ්ඩු පෙරළියේ ප්‍රධාන කාර්යභාරයක් කළ එජාප යොවුන් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ග්‍රීන් බ්ලඩ් (Green Blood) සංවිධානය සහ පසුගිය මහ මැතිවර...
රාජපක්ෂ ආණ්ඩු පෙරළියේ ප්‍රධාන කාර්යභාරයක් කළ එජාප යොවුන් සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ග්‍රීන් බ්ලඩ් (Green Blood) සංවිධානය සහ පසුගිය මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍යවරයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ යුනයිටඩ් යූත් වෙයිස් (United Youth Voice) ව්‍යාපාරයන්හී ඉදිරිපෙළ ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ එක්වූ බවට වාර්තා වේ.
ඒ, යුනයිටඩ් යූත් වෙයිස් (United Youth Voice) සංවිධානයේ ලේකම් රොෂාන් බස්නායක, එහි ජ්‍යෙෂ්ඨ සාමාජික කවිඳු විශ්වනාත් සහ ග්‍රීන් බ්ලඩ් හි සීදූව සම්බන්ධීකාරක ටී.එම්. අසේල, කොළඹ දිස්ත්‍රික් ලේකම් හසිත ගමගේ ඇතුළු තරුණ කණ්ඩායමකි.
මෙම කණ්ඩායම නාමල් රාජපක්ෂ මහතා වෙත රැඟෙන යාමේ මහ මොලකරු ලෙස කටයුතු කර ඇත්තේ රොෂාන් බස්නායක මහතා වන අතර තවත් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය වෙත එක් කිරීමේ සුදානමක් ඇති බව ද වාර්තා වේ.
30ට වැඩිනම් තනතුරු නෑ - United Youth Voice
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් United Youth Voice සංවිධානයේ වත්මන් සභාපති තරිදු කල්දේරා මහතාගෙන් Info Sri Lanka News අප කල විමසීමක දී පැවසුවේ රොෂාන් බස්නායක මහතා එම සංවිධානයේ ලේකම් තනතුර දරන ලද පුද්ගලයෙක් වුවත් වර්තමානයේ ඔහු එම තනතුර නොදරන බවයි.
එසේම තම සංවිධානයේ වයස 30 ඉක්මවූ කිසිවෙකුට නිලධාරී මණ්ඩලයට ඇතුලත් කර නොගැනීමේ තීරණයක් ගෙන ඇති බවයි.
එසේම තම සංවිධානයෙන් ඉවත්ව නාමල් රාජපක්ෂ මහතා සමඟ එක්වූ කවිඳු විශ්වනාත් අක්‍රමිකතාවක් හේතුවෙන් ඉවත් කල පුද්ගලයෙක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
Green Blood මහළු මඩමක්?
කෙසේ නමුත් ශ්‍රී ලංකා මිරර් වෙබ්අඩවිය විසින් මේ සම්බන්ධයෙන් පුවතක් පල කරමින් පවසා තිබුණේ ග්‍රීන් බ්ලඩ් (Green Blood) සංවිධානයේ බලය යොවුන් විය ඉක්මවූ කණ්ඩායම් විසින් ග්‍රහණය කර ගැනීම එම සංවිධානයේ කඩා වැටීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
අදාළ ග්‍රීන් බ්ලඩ් (Green Blood) සංවිධානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන ලසන්ත ලසන්ත ගුණවර්ධන 51 වැනි වියේ පසුවන බව මිරර් වාර්තාවේ සඳහන්ය.
කෙසේ නමුත් ඔහු පසුගිය සමයේ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කල අතර අදාල තනතුර සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව සලකා බලන සුදුසුකම් සපුරා නොමැති වීම සහ අක්‍රමිකතා කිහිපයක් හේතුවෙන් සභාපති ධුරයෙන් ඉවත් කල අයෙක් බවට මාධ්‍ය වාර්තා ද පලවිය.
මේ අතර අදාළ ග්‍රීන් බ්ලඩ් (Green Blood) සංවිධානයේ සෙසු උපදේශකයන් ලෙස කටයුතු කරන ප්‍රේමදාස ඇඹුල්දෙනිය 62 වැනි වියේද, බුද්ධික ප්‍රසන්න 40 හැවිරිදි වියේද පසුවන බව මිරර් වාර්තාවේ සඳහන් වන අතර එම සංවිධානයේ වත්මන් ලේකම් සුජිත් ප්‍රසන්න මහතා 50 හැවිරිදි අයෙක් බවත් එහි විධායක කමිටුවේ සාමාජිකයන් බහුතරයක් වයස 35ට වැඩි බවද එම වාර්තාවේ සඳහන්ය.
අගමැතිට විරුද්ධ කුමන්ත්‍රණයක්?
කෙසේ නමුත් අගමැතිවරයා බැඳුම්කර කොමිසමට සහභාගිවූ දිනට පසුදින 'බය නැති අගමැති' යයි කියා සඳහන් පෝස්ටරයක් නිර්මාණය කර ප්‍රදර්ශනය කර තිබුනේ එජාපයේ 'ග්‍රීන් බ්ලඩ්' සංවිධානයයි.
එය සමාජ ජාල මාධ්‍ය තුල දැඩි විවේචනයට ලක්වූ අතර ඇතැමුන් චෝදනා කලේ එය අගමැතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් නිර්මාණය කල එකක් ද යන බව සැක සහිත බවයි.
COMMENTS