පළාත් පාලන මැතිවරණය සඳහා මෙරට නමගිය පාතාල කල්ලිවල ප්‍රබල සාමාජිකයන් තිදෙනකු නාම යෝජනා අස්සන් තබා ඇතැයි පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී ත...
පළාත් පාලන මැතිවරණය සඳහා මෙරට නමගිය පාතාල කල්ලිවල ප්‍රබල සාමාජිකයන් තිදෙනකු නාම යෝජනා අස්සන් තබා ඇතැයි පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබේ.
දැනට ඉන්දියාවේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණපාලගේ බාල සොහොයුරාගේ පුත්‍රයකු කොළඹ නඟර සභාවට එජාපයෙන් නාම යෝජනා අස්සන් තබා ඇතැයිද පාතාල මර්දන ඒකකය සඳහන් කරයි.
කොළඹ පාතාලය මෙහෙයවන "තොටලඟ සාගර" නමැති පාතාල සාමාජිකයාද එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග වැදීම සඳහා නාම යෝජනාවලට අස්සන් තබා ඇතැයිද මේ වන විට ඩුබායි සැඟවී සිටිමින් මෙරට පාතාලය හසුරුවන සහ පාතල කිරුළ දිනා ගෙන සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වැලිගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීම සඳහා නාම යෝජනා අස්සන් තබා ඇතැයිද පාතාල මර්දන ඒකකයන් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS