ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂිණ...
ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය අසමත් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට එකඟ නොවන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
මෙම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිගේ ප්‍රකාශය අනුමත කරනවාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ඇමතිවරයා අද (5) පාර්ලිමේන්තුවේදී මේ බව කීවේය.
එහිදී සාගල රත්නායක මහතා මෙසේ අදහස් දැක්විය.
“පොලිස්පතිතුමා කළ ප්‍රකාශයක් ගැන අනුර මන්ත්‍රීතුමා කිව්වා. මම ඒ ගැන එකඟ වෙන්නේ නැහැ. මම ඒකට එකඟ නැහැ. එදා ඒ නිළධාරීන් තමන්ගේ රාජකාරිය හරියාකාරව සිදුකළ නිසා තමයි මේ තත්වය පාලනය කරන්නට පුළුවන් වුනේ.”
COMMENTS