දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන
Homeප්‍රවෘත්ති

ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන

PropellerAds

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බව...

ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා - පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක
සියක් නමක් එක්ක නාමල් එන පෝයට ඉන්දියාවට!
"දැන් සැපද" අදට වලංගු නැහැ... අපි විතරද එංගලන්තේත් හාමතේ - පොහොට්ටු ලේකම්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (5 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ. තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විශාල පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ වෙනුවෙන් රෝහිත ප‍්‍රියදර්ශන මහතා කිසිවක් නොකළ බවයි.

පිල්ලයාර් කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන සොයා නොබලා ගුරුකන්ද විහාරයේ භික්‍ෂූන් වහන්සේට එහි වැඩ සිටීමට ඉඩ ලබා දුන් බවත් ඒ නිසා ප‍්‍රශ්න රාශියක් සිදුවූ බවත් ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී සාධාරණය ඉටුනොකිරීම නිසා පරෙස්සම් වන ලෙසට රෝහිත පි‍්‍රයදර්ශන මහතාට තර්ජනය කොට ඇත.

රෝහිත පි‍්‍රයදර්ශන මහතා පොලිසියට පවසා ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවන් අදාළ බලධාරීන් වෙත යොමුකොට ඇති බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළ ඉඩම් පැමිණිල්ලක් කිරීම මත අදාළ පාර්ශ්වයකට පවරා දීමට හැකියාවක් මානව හිමිකම් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.

දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන
ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1YZ8at1MKkNuwjIoj9spx0hSCXlz4RKIM5dEIRibYS6GAH0WDPMVv5bf9Z-SKlUPMRsfq_Uc0KADMaWk_fB1Unpdz7mavTJiDQLU0NPQHCdDqywVk-lDp3ofc9jWwPY3Ji-rUwTvVAh3Y/s320/gurukanda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1YZ8at1MKkNuwjIoj9spx0hSCXlz4RKIM5dEIRibYS6GAH0WDPMVv5bf9Z-SKlUPMRsfq_Uc0KADMaWk_fB1Unpdz7mavTJiDQLU0NPQHCdDqywVk-lDp3ofc9jWwPY3Ji-rUwTvVAh3Y/s72-c/gurukanda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy