දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.
Homeගොසිප්

පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.

PropellerAds

මීළග මාර්තුවේ රුසියාවේ පැවැත්වීමට සූදානම් ව සිටින ජනාධිපතිවරණයේදී ඔහුට එදිරිව ඇලෙක්සි නවාල්නි විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ඔහුගේ පක්ෂය වි...

ජාතික නාලිකාවෙන් අසත්‍ය පුවතක් : ප්‍රවෘත්ති ලොක්කෝ දොයි ද?
හබරණ දුම්රිය මාර්ගයට චීන ණයක්.
රුපියල පවා හිඟාකන බස් හිමියන්ට මගී සංගමය දුන්න පිළිතුර [Video]

මීළග මාර්තුවේ රුසියාවේ පැවැත්වීමට සූදානම් ව සිටින ජනාධිපතිවරණයේදී ඔහුට එදිරිව ඇලෙක්සි නවාල්නි විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ඔහුගේ පක්ෂය විසින් අනුමත කර ඇත.

තම නාම යෝජනා අනුමත වීමෙන් පසු නවාල්නි පවසා සිටියේ රුසියානු ඉතිහාසයේ බිහිවූ නරකම ජනාධිපති වරයා පුටින් බවයි. රට පුරා නගර 20කදී සිය අනුගාමිකයින් හමුවූ නවාල්නි, පුටින්ට එරෙහිව සිය මෙහෙයුම සාර්ථකව කරගෙන යමින් සිටි.

නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස නවාල්නිගේ පැමිණීම රට තුළ ගැටළු සහගත තත්ත්වයක් මතු කරමින් සිටියි. නාමයෝජනා ඉදිරිපත් කරන විට දේශපාලන දූෂණ ක්‍රියා සම්බන්ධව නීතියෙන් වැරදිකරුවකු වී සිටින නවාල්නිට ජනාධිපතිවරයා වන්නට යන ඔහුගේ දේශපාලන ගමනට බාධාවක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි. මැතිවරණ බලධාරීන් ද තවමත් ඔහු ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා සුදුසු අපේක්ෂකයෙකු වශයෙන් නම් කර නැත.

නමුත් මෙම විවේචන විචාර නවාල්නි විසින් ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ මේ සියල්ල සිය දේශපාලන ගමනට එරෙහිව සිය විරුද්ධ පාර්ශවයන් විසින් එල්ල කරනු ලබන අභූත චෝදනා බවයි. තවද තමන් දූෂණ චෝදනාවකින් වැරදිකරුවෙකු බවට පත්කරමින් ලබාදුන් අධිකරණ තීන්දුව සඳහා ද දේශපාලනමය බලපෑමක් තිබූ බව ඔහු පවසයි.

නොබෝදා මොස්කව් නුවරට රැස්වූ පිරිසක් අමතමින් නවාලිනි පවසා සිටියේ පුටින් විසින් රටේ දුප්පත් වැසියන්ගෙන් බලය ලබා ගෙන ඔවුන්ගේ මුදල් වලින් වසර 18ක් තිස්සේ සිය අපේක්ෂා ඉටු කරගත් අතර ඔහු දුප්පත් මිනිසුන්ට අයත් තෙල් ,ගෑස් ,ලෝහ සියල්ල පිට රැටියන්ට විකුණා දුප්පත් මිනිසුන් අන්ත දුගියන් බවට පත් කළ බවයි.

ඔහු තව වරක පවසා සිටියේ තමන්ට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබුණහොත් තමන් මෙවර මැතිවරණය වර්ජනය කරන බවයි.

ජෝසප් ස්ටාර්ලින් ජනාධිපතිවරයාට පසු සාර්ථක ලෙස ජනාධිපති ධූරය වැඩිම කලක් හෙබවූ ජනාධිපතිවරයා පුටින් වේ. ඔහුට එරෙහි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම අලෙක්සි නවාල්හී හට ඇති විශාල අභියෝගයක් වනු නොඅනුමානය .

මීට පෙර 2011 වසරේදී පුටින් විරෝධී රැළියක් පැවැත්වීමට දඬුවම් ලෙස නවාල්නිට සිර ගත වීමටද සිදුව ඇත.

රුසියානු ජාතික රූපවාහිනිය සමග කරන ලද සාකච්ඡාවකදී නවාල්නි පවසා ඇත්තේ පුටින්ට මින් පසු කියන්නට කිසිවක් ඉතිරිව නැති බවත් ජනතාවට අවශ්‍යනම් පුටින් ඔහුගේ පොරොන්දු ඉටු කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අද වුවත් හැකි බවත් ඔහු ඔහුගේ පොරොන්දු ඉටු කර නැති අතර අනාගතයේද එසේ නොවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් පුටින් විසින් ලෝකයටද අභියෝගයක් වෙමින් වසර 18ක කාලයක් තිස්සේ ගෙන ගිය පාලනය මේ වන විට නවාල්නි විසින් අභියෝගයට ලක් කර ඇති අතර ලබන මාර්තුවේ පැවැත්වෙන ඡන්දය විසින් පත් කරන නායකයා මත ලෝක දේශපාලනයේද බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව අපේක්ෂා කළ හැකි වේ.

-හංසනී සම්පත්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.
පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.
http://ift.tt/2pljLIe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_478.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_478.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy