හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවී බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ ර...
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවී බැඳුම්කර සිද්ධියට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ රහස් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව, බැඳුම්කර සිද්ධියට අදාළව තමාට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රසිද්ධියේ කරුණු හෙළි කිරීමට රවී කරුණානායක මහතා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප ප්‍රබලයකු විසින් පලකරන 'සත්හඬ' පුවත්පත වාර්තා කරයි.
තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළමුත් මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු සිය අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බවත්, එවැනි තත්ත්වයක් මත එම ආයතනවල තීන්දු තීරණවලට තමන් වගකිවයුතු නොමැති බවත් සඳහන් කරමින් රවී කරුණානායක මහතා lankanewsweek.com වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබාදී ඇත්තේ එම හෙළිදරව්වේ පළමු පියවර ලෙස බවද එම පුවත් වාර්තාවේ දැක්වේ.
'බැදුම්කර හොරා මා නොවේ'
lankanewsweek.com වෙබ් අඩවිය කරුණානායක මන්ත්‍රීවරයාගේ සමීප හිතෛෂියකු වන ප්‍රවීණ මාධ්‍යවේදී සුජිත් මංගල ද සිල්වා විසින් පවත්වාගෙන යනු ලබයි.
”මම වරදක් කර නැහැ. ඒ නිසා ජනතාව ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව නැවත මා සමඟ එකතු වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්න බෑ. මෙම තත්ත්වය හමුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හැමෝම තමන්ට ඇඟිල්ල දිගු කළත් ඉදිරියේ දී සත්‍ය කුමක්දැයි ජනතාව අවබෝධ කර ගන්නා බව'' කරුණානායක මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

COMMENTS