දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැග...
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද සහ හෙට දිනයන්හිදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩි වේ.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
සෙසු පළාත්වල සවස 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (මි.මි.75ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
COMMENTS