ජා තික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමති චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වි...
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමති චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ යෝජනාවට දැඩි විරෝධය එල්ල තිබේ. විරෝධතා දැක්වූ පිරිස පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු නොවන පිටස්තර පක්ෂවලට ආසන සංවිධායකකම දීමෙන් පක්ෂ නායකයා මෙන්ම ක්‍රියාකාරීන් ද ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, සූජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, රෝසි සේනානායක යන එජාප ජේෂ්ඨයන් විසින් මේ සඳහා දිගින් දිගටම විරෝධය පළ කර ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ රණවක මහතාට සංවිධායක ධුරය ලබා දෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත යුතු බවයි.
නැතහොත් දිස්ත්‍රික් සංවිධායක ධුරයක් ලබා දීමේ වරදක් නැතැයි ද ඔවුන් පෙන්වා දී ඇත.
දිගින් දිගටම එල්ල වූ විරෝධතා නිසා අගමැතිවරයාගේ මෙම යෝජනාව කල් තැබීමට සිදුව ඇති බවද වාර්තාවේ.

COMMENTS