වසර 2019 වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අමාත්...
වසර 2019 වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන බව බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.
“බුදු දහම ලොවට පතුරන කේන්ද්‍රස්ථානය කිරීමේ අරමුණින් අප කටයුතු කරන්නේ.ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහි නොවුණොත් අපේ ආර්ථිකය දියුණු කිරීම ආගම දහම අනුව පුළුවන්. පාර්ලිමේන්තුවේ භාවනා පන්තියක් හදන්න අවශ්‍යයි. ප්‍රතිපත්තිගරුක සමාජයක් හදන්න වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. දහම් පාසල් අනිවාර්ය කරන්න කිව්වා. මහනායක හිමිවරු, පූජකවරු ඉල්ලීමක් කළා. 2019 වසර වනවිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා.“
ජලාශ හදන,පැල සිටුවන,පාලම් හදන,පරිසරය සුරකින අය නිවන් දකින බව බුදු හිමියන් දේශනා කළා. ''සියටල්ගේ'' ප්‍රකාශය බලන්න, ''අවසන ගස් ටික කපා දැමීමෙන් පසු දිය පහරත් විනශ වූ පසු මිනිසා තේරුම් ගනී.
සල්ලිවල වටිනාකමක් නැති බව''. මත්ද්‍රව්‍ය කමිටු වාර්තාව සකස් කරනවා. විහාරස්ථාන සංවර්ධනයට වර්ග කිරීමක් කරනවා. පසුගිය කාලයේ පන්සල්වලට කළ දෙයක් නෑ. දහම් පාසල් සංවර්ධනයට, පන්සල්වලට මුදල් ලබාදී තිබෙනවා. මිලියන 500ක් දුන්නා පසුගිය දා. පන්සල්වලට ගිහිල්ලා වෛරය පැතිරවීම පාපකර්මයක්. එය කරන්න එපා. ගම භේදය, සංඝ භේදය කරන්න එපා. පිඬුසිඟ යෑම දිරිමත් කරනවා. වෙසක් උළෙල කුරුණෑගල පැවැත්වෙනවා.“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS