රෝසි සේනානායක මහත්මිය තමාගේ සහ තමසන්ධානයේ මිතුරියන් වුවද කොළඹ මහනගර සභාවට වෙනම තරග කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන් කරයි. බොහෝ පළාත්...
රෝසි සේනානායක මහත්මිය තමාගේ සහ තමසන්ධානයේ මිතුරියන් වුවද කොළඹ මහනගර සභාවට වෙනම තරග කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන් කරයි.
බොහෝ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන බවත්, එහෙත් කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට තනිවම තරග කරන බවත් එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
කොළඹ මහනගර සභාවට තරග කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වූ බවත්, එහෙත් එකඟවීමට නොහැකි කාරණා කිහිපයක් නිසා වෙනම තරග කරන බවත් ඔහු පවසා සිටියේය.
කොළඹ මහනගර සභාවේ ජයග්‍රහණය තම සන්ධානයට ලැබෙන බවත්, වෙනම තරග කර ජයගන්නා සියලුම ස්ථානවල සහයෝගයද එක්සත් ජාතික පෙරමුණට ලබාදෙන බවත් සන්ධාන නායකවරයා සඳහන් කළේය.
COMMENTS