දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. පෙරේදා දුම්රිය රියදුරන් ආරම්භ කල වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රී සිට ද...
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
පෙරේදා දුම්රිය රියදුරන් ආරම්භ කල වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රී සිට දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් එක් විය.
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ලොකමොටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පොරොන්දුවක් ලබා දෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතාද සඳහන් කළේය.
අද උදෑසන කාර්යාල දුම්රිය 9ක් කොළඹ දක්වා ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේය.
මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි දුම්රිය මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී. එස් විතානගේ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS