හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගුණමකුකම් කිරීමට තමා සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කෙහෙළිය රඹු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගුණමකුකම් කිරීමට තමා සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමකින් පසු වන බව අමාත්‍ය පී.හැරිසන් මහතා ඊයේ ප‍්‍රකාශ කළේය.
ජනවාරි මාසයේ දී එක්සත් ජාතික පක්ෂයට අලුතින් මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් සම්බන්ධ වන බවද ඇමැතිවරයා පැවසී ය.
“ඔහොම නැහැ කියපුවා කොච්චර කල් කිව්වද? කෙහෙළිය ඇමතිතුමාට ඉතිහාසය මතක නැහැ. එතුමා අපිට එන හින්දා මම ඉතිහාසය ගැන මතක් කරන්නේ නැහැ. ඊට කලිනුත් ඔය විදියට කතා කිව්වා. ඒ වුණාට ඔබ තුමාට බලා ගන්න පුළුවන් ජනවාරි 10 - 12 වෙනකොට මොකද වෙන්නේ කියලා. කෙහෙළිය විතරක් නෙවෙයි තව කණ්ඩායමක් එනවා. මන් හිතන්නේ තව 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් එන්න දැන් සාකච්ජා මට්ටමෙන් යනවා වැඩේ.” යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.
මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා ප‍්‍රකාශ කළේ වෙනත් දේශපාලන පක්ෂවලින් 51 දෙනෙකු මේ සතිය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවයි.
කිසිවෙකුටත් හිතුමතේ ආණ්ඩු පිහිටුවීමට ඉඩ නොතබන බව එජනිස මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.
COMMENTS