ඒකාබද්ධ විපක්ෂය හා එක්ව සිටි පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරළගේ මහතා ඊයේ (17) රාත්‍රියේදී ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඔහු හොරණ ශ්‍ර...
ඒකාබද්ධ විපක්ෂය හා එක්ව සිටි පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරළගේ මහතා ඊයේ (17) රාත්‍රියේදී ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
ඔහු හොරණ ශ්‍රීලනිප සංවිධායක ලෙස පත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, කෝරලගේ මහතා ශ්‍රීලනිපයට එක්වීමෙන් පසුව ඊයේ රාත්‍රියේ ටවුන්හෝල් හි උපාලිස් අවන්හලේදී සාදයක්ද පවත්වා තිබේ.
එම සාදයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හා මෑතකදී ශ්‍රීලනිපයට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක මහතාද සහභාගිවී ඇත.
මේ අතර, හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය ඊයේ (17) රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
හිටපු පළාත් සභා මන්ත්‍රී කිතුල්ගොඩ මහතාගේ පොකුණුවිට නිවසට පැමිණි තිදෙනකු මෙම නාමයෝජනා පත්‍රය පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණ ඇති තිදෙනා කිතුල්ගොඩ මහතාට පරුස වචනෙයන් බැණ වැදී ගෙල පෙදෙසින් අල්ලා පහර දීමට ඇත් කර ඇති බවත්, අනතුරුව නාමයෝජනා පත්‍රය සහ අනෙකුත් ලියැවිලි පැහැරගෙන ගිය බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එම පිරිස හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
(SLM)
COMMENTS