දූෂණ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සදහා කටයුතු කරන ලෙස සදහන් කළ බව පවසමින් කළ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත් එය පදනම් විරහිත කාරණාවක් ...
දූෂණ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සදහා කටයුතු කරන ලෙස සදහන් කළ බව පවසමින් කළ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත් එය පදනම් විරහිත කාරණාවක් බවත් කුමන හේතුවක් නිසාවත් නීතිපතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ වෙන කිසිදු ස්ථානයකට කැඳවීමක් සිදු නොකළ බවත් අඩුම තරමේ තම නිවසේදීවත් නිතීපතිවරයා මුණ ගොගැසුණු බවත් කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කිරීමට කටයුතු නොකරන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරාළ මහත්මිය පැවැසුවාය.
අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අද (20දා) කාරක සභා විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා නීතිපතිවරයා කැඳවා තිබූ බවයි.
එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබදව මෙසේ ප්‍රකාශ කිරීම පිළිබදව කණගාටු වන බවයි.
COMMENTS