ශ්‍රී ලංකාවේ පවතින විවිධ කුරුඳු ප්‍රභේද හඳුනාගැනීම සහ ඒවායෙහි ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරනු ලබන පර්යේෂණයක් සඳහා මහජන සහය පතයි. ඒ අනුව මෙම ...
ශ්‍රී ලංකාවේ පවතින විවිධ කුරුඳු ප්‍රභේද හඳුනාගැනීම සහ ඒවායෙහි ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරනු ලබන පර්යේෂණයක් සඳහා මහජන සහය පතයි.
ඒ අනුව මෙම පරීක්ෂණය සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු අස්වැන්නෙන්, සුවඳින්, රසයෙන්, ඖෂධීය ගුණයෙන් ඉහළ සහ පිළිබෝධ හා ලෙඩරෝගවලට හොඳින් ඔරොත්තුදෙන කුරුඳු ශාඛ අවශ්‍ය කර ඇත. මේ ආකාරයේ තොරතුරු ලබාදිය හැකි පුද්ගලයන් වේ නම් මහාචාර්ය ගාමිණි පුෂ්පකුමාර 071 4 933 591 හෝ ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක 071 3 460 632 මහත්ම මහත්මීන් වෙත තොරතුරු ලබාදිය හැකිය.
මෙම අධ්‍යයනය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් මෙහෙයවනු ලබන අතර ඒ සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය, ජාතික විද්‍යා පදනම, කුරුඳු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුග්‍රහය දක්වනු ඇත.
ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කර්මාන්තය ඉහළ ප්‍රමිතියකට ගෙනඒමේ අරමුණින් මෙම අධ්‍යයනය සිදු කරනු ලබයි.
COMMENTS