දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්.
Homeගොසිප්

ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්.

PropellerAds

ජාතික ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක‍්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදල...


ජාතික ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක‍්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදලක් ලබාගෙන (ආසන්න වශයෙන් රුපියල් 8,146,750) ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොතරැයිපත් මිලදී ගන්නන් නොව මෙම පිරිස් එක් රැයෙන් මිලියනපතියන් බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසායවලින් එකක් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මේ අයුරින් ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක‍්‍රමවේදයක් යටතේ අති විශාල මුදල් කන්දරාවක් ලබාගෙන තිබේ.

ඔවුන් මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ පැයකටත් අඩු කාලයක් පවතින දිනුම් අදින අවස්ථාවේ නිරීක්ෂක මණ්ඩලයක සිටීම වෙනුවෙනි. මෙම දිනුම් ඇදීම් දෛනිකව රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අතර එහිදි දිනුම් ඇදීම් වෙනුවෙන් අත්සන් තබන නිරීක්ෂක මඬුල්ලේ තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු අනිවාර්යෙන්ම සිටිය යුතු වේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සිව්දෙනකු රුපියල් මිලියන 8.1ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් 8,146,750ක්) ලබාගෙන ඇත. එක් අධ්‍යක්ෂවරයකු අදාළ මුදල ප‍්‍රතික්ෂේප කර ඔහුට ලැබුණු එකම රුපියල් 100,000ක මුදල ජාතික ලොතරැයි මණ්ඩයේ නිවසක් නොමැති දරුවන් ද සිටින සේවකයකුට ලබා දී ඇත.

සම්පූර්ණ මුදල වෙන වෙනම සලකා බැලීමේදී සභාපතිවරයා මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් මිලියන 1.36ක් මුදලක් ලබාගෙන ඇති අතර ඒ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයකු ලබාගෙන ඇති මුදල් රුපියල් මිලියන 2.3 (ආසන්න වශයෙන් 2,355,500) ඉක්මවා ගොස් තිබේ.

අනෙකුත් අධ්‍යක්ෂවරුන් තිදෙනා රුපියල් 1,407,250, රුපියල් 1,395,000 ක් සහ රුපියල් 1,629,000ක් ආදී වශයෙන් ලබාගෙන තිබේ. කළමනාකරුවන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය ලබාගෙන ඇති මුදල් කන්දරාව රුපියල් මිලියන 41 (ආසන්න වශයෙන් රුපියල් 41,711,250) කි.

මෙලෙස ලබාගෙන ඇති මුදල් පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ගේ ඇස්ගෙඩි උඩ යෑමක් හේතු වූ බව ද වාර්තා විය. ඇතැම් අවස්ථාවලදී ‘දිනුම් ඇදීම් දීමනා’ ලබාගෙන ඇත්තේ දෛනික දිනුම් ඇදීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සහ අදාළ ලේඛනවලට අත්සන් තැබීමෙන් පමණක් බව ද මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක‍්‍රමවේදයක් හඳුනාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙවැනි ‘දිනුම් ඇදීම් දීමනා’ ක‍්‍රමවේදයක් අනෙක් ලොතරැයිවලට සම්බන්ධ ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසාය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක කරන නොවන බව ද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්.
ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්.
http://ift.tt/2ByvBnO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/5_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/5_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy