දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමයෝජනා ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේප වෙයි.
Homeගොසිප්

නාමයෝජනා ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේප වෙයි.

PropellerAds

නාමයෝජනා 519 ක් ලැබි ඇති අතර ඉන් නාමයෝජනා පත්‍ර 22 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ම...

Artists at Sena Ayya's Event
ඩයනා කුමරිය හැරී හා විළියම් සමග - විරල ෆොටෝ
මින්පසු 1990 අමතා Free ඇම්බියුලන්ස් ගෙන්න ගන්න

නාමයෝජනා 519 ක් ලැබි ඇති අතර ඉන් නාමයෝජනා පත්‍ර 22 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මහරගම, වැලිගම හා පානදුර නගර සභාවලට සහ අගලවත්ත, බදුල්ල, මහියංගණය ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

ඊට අමතරව අම්පාරට ඉදිරිපත් කළ නාමයෝජනා අතරින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නාමයෝජනා 2 ක්, ජාතික කොංග්‍රසයේ නාමයෝජනා 1 ක්, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නාමයෝජනා 1 ක් හා ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා 2 ක් ප්‍රතික්ෂේප වී ඇත.

නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම, අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයාට නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා 19 ක් ලැබි තිබූ අතර ඉන් එකක් ප්‍රතික්ෂේප වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 6 සඳහා නාමයෝජනා 30 ක් ලැබි තිබූ අතර ඒ සියල්ල පිළිගෙන තිබුණි. කළුතරට නාමයෝජනා 22 ක් ලැබි ඇති අතර ඉන් 2 ක් ප්‍රතික්ෂේප වී ඇත.

මහනුවරට ලැබුණ නාමයෝජනා 10 ම පිළිගෙන ඇති අතර මාත‍ලේට ලැබුණ නාමයෝජනා 5 සහ නුවරඑළියට ලැබුණ නාමයෝජනා 13 ද පිළිගෙන ඇත.

ගාල්ලට 29 ක්, හම්බන්තොටට 18 ක් සහ මාතරට 17 ක් වශයෙන් නාමයෝජනා ලැබි තිබූ අතර ඉන් මාතරට ලැබුණ එක් නාමයෝජනා පත්‍රයක් පමණක් ප්‍රතික්ෂේප වී තිබේ.

යාපනයට ලැබුණ නාමයෝජනා 9 ම පිළිගෙන ඇති අතර මඩකලපුවට ලැබුණ නාමයෝජනා 41 න් 2 ක් ප්‍රතික්ෂේප වී ඇත. අම්පාර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා 71 න් 8 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ලැබුණ නාමයෝජනා 54 න් 4 ක් ප්‍රතික්ෂේප වී තිබේ.

කුරුණෑගලට ලැබුණ නාමයෝජනා 6 ම පිළිගෙන ඇති අතර පුත්තලමට  ලැබුණු නාමයෝජනා 7 හා අනුරාධපුරයට ලැබුණු නාමයෝජනා 4 ද පිළිගෙන ඇත. ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයට නාමයෝජනා 18 ක් ලැබි ඇති අතර ඒ 18 ම පිළිගෙන ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා 52 න් 3 ක් ප්‍රතික්ෂේප වූ අතර මොණරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා 19 ම පිළිගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා 38 ක් ලැබුණ අතර ඉන් 1 ක් ප්‍රතික්ෂේප විය. කෑගල්ල දිස්ත්‍රික්කයට ලැබුණ නාමයෝජනා 37 ම පිළිගෙන තිබේ.

නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93 ක් සඳහා පළමු අදියර යටතේ නාමයෝජනා භාර ගැනිණි. එම 93 ට අදාළව නාමයෝජනා භාරදීමට තිබූ කාලසීමාව ඊයේ (14) දහවල් 12 න් අවසන් විය.
ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 දා ආරම්භ වන අතර ලබන 21 දා දහවල් 12 න් එම කාලසීමාව අවසන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමයෝජනා ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේප වෙයි.
නාමයෝජනා ලැයිස්තු 22ක් ප්‍රතික්‍ෂේප වෙයි.
http://ift.tt/2zczA72
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy