තනි තනි සිගරට් වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් නතර කරන බවත් මීට අමතරව සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද නොමැති 20% ක ප්‍රමාණයටත් නව නීති ඇතිකරන බව...
තනි තනි සිගරට් වශයෙන් විකිණීම සම්පූර්ණයෙන් නතර කරන බවත් මීට අමතරව සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද නොමැති 20% ක ප්‍රමාණයටත් නව නීති ඇතිකරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව නීති සකස් කිරීමට ඉදිරි සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
මෙම නීතිය සකස් කළ පසු සිගරට් පානය කරන්නෙකුට සම්පූර්ණයෙන් සිගරට් පැකට්ටුවක් මිලදී ගැනීමට සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.
රූපමය අවවාද නොමැති කොටස තනි වර්ණයකින් වර්ණවත් විය යුතු බවට නීති සකස් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
COMMENTS