2018 වසරේ දී අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් බව දැනට ඇස්තමේන්තු කර ඇත. 2017 වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයන කර රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැ...
2018 වසරේ දී අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් බව දැනට ඇස්තමේන්තු කර ඇත. 2017 වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයන කර රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර තිබේ. එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතු වූවත්, 2018 වසරේදී කිසිදු ගැටලුවකින් තොරව නොමිලේ අක්ෂි කාච ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
වයස අවුරුදු 40 ට වැඩි, වැඩිහිටි ජනගහනයෙන් සියයට 1.7 ක් මේ වන විට අක්ෂි රෝගවලට ගොදුරුව ඇත. 2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් සියයට 26 ක් අන්ධභාවයට පත්වන බවට සංඛ්‍යාලේඛනවලින් තහවුරු වී තිබේ. එම නිසා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් ජනතාව අන්ධභාවයෙන් වළක්වා ගැනීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. තවද අක්ෂි ශල්‍යකර්ම පොරොත්තු ලේඛනය අවම කර ගැනීම සඳහා පෞද්ගලික රෝහල්වලදී ද ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩපිළිවෙලක් 2018 වසරේදී ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා වැය වන මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබයි.
COMMENTS