පළාත් පාලන ආයතන 248කට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද දහවල් 12.00න් අවසන් වීමට නියමිතව තිබේ. මෙම පළාත් පාලන ආයතනවල නාම යෝජනා භාර ගැනී...
පළාත් පාලන ආයතන 248කට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද දහවල් 12.00න් අවසන් වීමට නියමිතව තිබේ.
මෙම පළාත් පාලන ආයතනවල නාම යෝජනා භාර ගැනීම පසුගිය 18 වනදා ආරම්භ වූ අතර මේ වන විටත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් නාම යෝජනා බාරදී අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය වන අද දින තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසීය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ 15,000කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් අද දිනයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි.
පෙළපාලි සහ පෙරහැර පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අතර නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පැය 02ක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව හිමි වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.
COMMENTS