දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්
Homeප්‍රවෘත්ති

ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්

PropellerAds

ජනවාරි 01 වෙනිදා සිට කොළඹ හිඟමනින් ඉවත්වන්න යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ කොළඹ නගරයේ වෙසෙන යාච...

මුද්‍රණාලයාධිපතිනියට ඛනිජ තෙල් සංස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ට එරෙහිව මැතිවරණ කොමිසම පොලිසියට පැමිණිලි කරයි! VIDEO
දරුවන් දෙන්නාට බෙහෙත් අරන් දෙන්න සල්ලි නැතිව අම්මා දරු දෙන්නත් අරන් ළිඳට පැනලා! එක දරුවෙක් මරුට! අම්මටයි අනෙක් දරුවාටයි බරපතළයි!
පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි..
ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්

ජනවාරි 01 වෙනිදා සිට කොළඹ හිඟමනින් ඉවත්වන්න යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ කොළඹ නගරයේ වෙසෙන යාචකයින් සඳහා ඉදිරියේ දී ගනු ලබන තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට පසුගියදා (19) සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“කොළඹ නගරයේ සිටින යාචකයින් පිළිබඳ අවධානය යොමු කර සංගණනයක් පැවැත්වූවා. ඒ පිළිබඳ ඒ අය පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රියා කරනවා. ඒ සඳහා නාගරික පුණ්‍ය කොමසාරිස්වරයා වගේ ම සමාජ සේවා අමාත්‍යාංශය, දකුණු පළාත් සභාවත් සමග එකතු වෙලා අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් යාචක කාරකාදීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලක්ෂ 800 ක් පමණ වියදම් කර සාදා තිබෙනවා. මොකද මේ ජනතාව තවදුරටත් පාරවල් වල දුක් විඳිය යුතු නැහැ. අපේ සංඛ්‍යාලේඛන අනුව 600 කට ආසන්න පිරිසක් කොළඹ නගරයේ හා අවට ප්‍රදේශවල කිසිවක් කරකියා ගන්න බැරුව ඉන්නවා. ඒ පිරිස එක්ක අපි දැන් යම් සාකච්ඡාවක් ආරම්භ කර ගෙන තිබෙනවා. ඒ වගේම අපි අධිකරණවලින් ඉල්ලා සිටිනවා ඒ පිරිස් අප වෙත භාර දීමේ ක්‍රියාවලියක් අප කර ගෙන යනවා.  ඒ අයව විධිමත් ලෙස පුනරුත්ථාපනය කරන්න ඉදිරි කාලයේ දී කටයුතු කරනවා. ඒ වගේම අපි රස්සාව හැටියට යාචක වෘත්තීයේ නියැලෙන අයට බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ රැකියාවෙන් ඉවත් වෙන්න කියලා.”

“විශේෂයෙන්ම කොළඹ නගරය හා ඒ අවට ප‍්‍රදේශවල වෘත්තියක් හැටියට යාචක වෘත්තියේ නියැලිලා ඉන්න අයට ඒ රැකියාවෙන් ඉවත් වෙන්න කියලා අපි කියනවා. මොකද අපට තිබෙන දත්තවල මේ නගරයේ මහාමාර්ගයේ තැන් තැන්වල ජීවත්වන පිරිස ඉතාමත්ම සුළු පිරිසක් දැන්. මොකද අපි පසුගිය කාලය පුරාම අවවාද ප‍්‍රමාණයක් ගෙනගියා. ඇතැමෙක් මානසික රෝගී තත්වයන්වලට ගොදුරු වෙලා තිබෙනවා. ඇතැමෙක් ශාරීරික දුර්වලතාවයන්වලට ගොදුරු වෙලා තිබෙනවා. ඇතැමෙක් මත්ද්‍රව්‍ය ආදියට දැඩිව ඇබ්බැහි වෙලා තිබෙනවා. ඒ නිසා ඒ අය පුනරුත්ථාපනය කරලා මනුෂ්‍යයෝ හැටියට ඒ අයට ජීවත් වෙන්න සැලැස්වීම අපේ වගකීම. ඒ කටයුත්ත අප ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අපි ඒ ක්‍රියාවලියත් දියත් කරනවා. මම ඉල්ලා සිටිනවා සැමගෙන්ම විශේෂයෙන්ම වාර්තා කරන්න කියලා. මොකද  ඔය රැකියාවට කරන අය ගෙවල්වල ඉඳන් එන්නේ. ජනමාධ්‍යවලින් එය ප‍්‍රචාරය කළාම එය ඒගොල්ලන්ට දැනෙනවා. ජනවාරි 01 වෙනිදා ඉඳන් ඒ  රැකියාවෙන් ඉවත් වෙන්න. ඒ වගේ ම ඔබට ආර්ථික දුෂ්කරතාවයක් තිබෙනවා නම් ජීවත් වෙන්න ඇවිල්ල අපේ නාගරික පුණ්‍ය කොමසාරිස්තුමා හමු වෙන්න. අපි ඒ අයට අවශ්‍ය රැකියා හා ආදායම් මාර්ග ලබා දීමට කටුයුතු කරනවා. ඒ සඳහා අපේ අමාත්‍යාංශයත්, සමාජ සේවා අමාත්‍යාංශයත් කටයුතු කරන්න සූදානම්. ඒ අයට වෘත්තීය පුහුණුවක් ලබාදීලා රැකියාවකට යොමුකරවීමට. ඒක තමයි අපේ පණිවිඩය ඒ අනුව අපේ කාරුණික ඉල්ලීම ජනවාරි 01 වෙනිදා ඉඳන් රැකියාවට යාචක වෘත්තියේ නියැලිලා ඉන්න අය මේ නගරයට එන්න එපා. ඒ අයට යම් ආර්ථික ප‍්‍රශ්නයක් ගැටලූවක් මොනවා හරි තිබෙනවා නම් කොළඹ 10, මරදානේ, පූජ්‍ය බද්දේගම විමලවංශ මාවතේ නාගරික පුණ්‍ය කොමසාරිස්තුමා ඉන්නවා එතුමාව මුණ ගැසෙන ලෙස ද, නැතිනම් කොළඹ මහනගර සභාවේ කොමසාරිස්තුමාගේ කාර්යාලයට හෝ අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා තමන්ගේ දුෂ්කරතාවය  කියන්න අපි ඔබට උදව් කරන්න ලැහැස්තියි. යාචක වෘත්තියේ නියැලෙන්න එපා. කරකියා ගන්න බැරි සියළුම දෙනාම අපි පියවරෙන් පියවර පුනරුත්ථාපනය කර කසළ බිංදුවට බැස්සුවා වගේ, ගවයෝ පාරේ ඉන්න එක බිංදුවට බැස්සුවා වගේ යාචකයොත් කොළඹ නගරයේ බිංදුවට බස්සන්න ඉදිරි කාලයේදී ක්‍රියා කරනවා. මේ සඳහා ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්
ජනවාරි 01 සිට කොළඹ සිගමන් තහනම්
http://ift.tt/2BeY7XA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/01.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/01.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy