දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වෙබ් තහනමක්' තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි [Video]
Homeගොසිප්

'වෙබ් තහනමක්' තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි [Video]

PropellerAds

මෑත දිනවල ජනාධිපතිවරයා විවේචනය කරන වෙබ් අඩවියකට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවේශවීමට තහංචි පනවා දෙසතියක් ගතවෙද්දී ජගත් සමුළුවක් ඇමතූ අගමැතිවරයා අ...

නුගේගොඩ හා දෙහිවල ගුවන් පාලම් පීක් වෙලාවට වන්-වේ කරන්න යයි
රවීට මඩ ගැසුවේයයි හෙළිවූ ෆේස්බුක් පිටුවේ හිටපු ඇඩ්මින් රූපසාගර රිමාන්ඩ්
සුසන්තිකා සැමියා එක්ක සාමදාන වෙන්න සූදානම්

මෑත දිනවල ජනාධිපතිවරයා විවේචනය කරන වෙබ් අඩවියකට ශ්‍රී ලංකාව තුලදී ප්‍රවේශවීමට තහංචි පනවා දෙසතියක් ගතවෙද්දී ජගත් සමුළුවක් ඇමතූ අගමැතිවරයා අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශනය බරපතල ලෙස අභියෝගයට ලක්වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

සියයකට අධික රටවල මුල් පෙලේ නියෝජිතයන් සහ රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක විද්‍යුත් තාක්ෂණ කටයුතු භාර අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් දිල්ලි නුවර පැවති සයිබර් අවකාශය පිළිබඳ ගෝලීය සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අන්තර්ජාලයට නිර්බාධිතව පිවිසීමට තිබෙන බාධක ඉවත් කිරීම සඳහා ලොව පුරා දැරෙන “අන්තර්ජාල මැදිහත්භාවය” නම් ව්‍යායාමය අගය කළේය.

“අන්තවාදයේ සිට ලිබරල්වාදය දක්වා හේතු නිසා” එම උත්සාහය එක්සත් ජනපදයේ පවා අභියෝගයට ලක්වී ඇතැයි පැවසූ අගමැති වරයා කියා සිටියේ අන්තර්ජාල නිදහස යුක්තිය සඳහා වන අරගලයට දායක වන බවයි.

“ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවන සමාජයේ අද්දරට තල්ලුවූ සහ පීඩාවට පත්වූ කොටස්වලට තමන්ගේ කතා කියන්නටත්, යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නටත් අන්තර්ජාල මැදිහත්භාවය නිසා ඉඩ සැලසෙන අයුරු මෑත කාල වකවානුවේ අප දැක ඇත්තෙමු,” යි අගමැති වික්‍රමසිංහ සමුළුව හමුවේ කියා සිටියේය.

යහපාලනයට අන්තර්ජාල සහාය:

ශ්‍රී ලංකාවේ තම පුද්ගලික අත්දැකීම සභාව හමුවේ ගෙනහැර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ 2015 ජනවාරි 8 වැනිදා දක්වා තමන් මුහුණ දුන් දේශපාලන බාධා අතර විරුද්ධ මතවලට නිදහසේ කතා කිරීමට ඉඩ නොදෙමින් අන්තර්ජාල සේවා අවහිර කිරීමද වූ බවයි.

රාජ්‍යය විසින් පවත්වාගෙන යනු ලැබූ අන්තර්ජාල තහංචි බලයට පත්වූ පසු ඉවත් කරන ලද බව පැවසූ අගමැතිවරයා කියා සිටියේ එමගින් සැමටම නිදහසේ අදහස් පල කිරීමේ අයිතිය ලබා දුන් බවයි.

“එහි ප්‍රතිපලය වී ඇත්තේ මම ශ්‍රී ලංකාවේ වඩාත් අවමානයට සහ චරිත ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් අතරින් අයකු බවට පත්වීමයි,” යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

වර්තමාන රජය බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුනු 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට ප්‍රවේශවීම නොවැම්බර් 8 දා සිට ශ්‍රී ලංකාව තුල අවහිර කර ඇත.

(radiogagana)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වෙබ් තහනමක්' තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි [Video]
'වෙබ් තහනමක්' තිබියදී අගමැති අන්තර්ජාල නිදහසේ ගුණ වනයි [Video]
http://ift.tt/2n59zlZ
https://i.ytimg.com/vi/H22WCfduAUY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy