පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කොට නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම් හලකින් වාහන වලට නිකුත් කරන බව වාහන හිමියෝ පවසති. වාහන හි...
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කොට නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම් හලකින් වාහන වලට නිකුත් කරන බව වාහන හිමියෝ පවසති. වාහන හිමියන් නගන චෝදනාව සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න සොයාබැලීම සඳහා 22 දින රාත්‍රී අප වාර්තාකරු ඇතුළු පිරිසක් එම ඉන්ධන පිරවුම්හල අසල රැඳී සිටීයමු.
එහිදී තරුණයෙකු බෝතලයකට පෙට්‍රල් ලබා ගැනීමේදී රතු පැහැති වර්ණයක් පෙට්‍රල් දර්ශනය වන බවත් එම පෙට්‍රල් වල භූමිතෙල් ගඳ වහනය වන බවද එම තරුණයා කියන්නට විය.
එම තරුණයා නගන චෝදනාව පිළිබඳව ඉන්ධන පිරවුම්හලට ඒ වන විට පැමිණ සිටි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා යයි කියාගන්නා පුද්ගලයාගෙන් අප වාර්තාකරු මේ පිළිබඳව විමසා ඇත.
ඔහු කියා සිටියේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරික්ෂා කළ බවත් එහෙත් මෙම පෙට්‍රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.අප ඒ මහතාගෙන් දිගටම ප්‍රශ්න කිරීමට යද්දී තවත් පුද්ගලයෙකු ඉදිරිපත් වී කියා සිටියේ තමන් ඉන්ධන පිරවුම්හල කළමනාකරු බවය.
කළමනාකරු බව පැවසූ පුද්ගලයා මෙම සිද්ධිය වසන් කිරීම සඳහා විවිධ චෝදනා නගන්නට ද විය භූමිතෙල් කලවම් වී වාහන නවතා ඇත්නම් ඒවා පෙන්වන්නැයි ඔහු ජනතාවට කියන්නට විය.
මෙම ඉන්ධන සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බව්සර් රථයෙන් බාපු ගමන් පැට්‍රල් වල ලබාගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගද වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයිදැයි ජනතාව ඇසිය යුත්තේ ඉන්දන පිරවුම්හල් වලින් නොව සංස්ථාවෙන් බව කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසිය .
ඉන්ධන පිරවුම්හලට පැමිණි බොහෝ දෙනෙකු කියා සිටියේ පෙට්‍රල්වල වර්ණය වෙනස් වී ඇති බවත් විශාල වශයෙන් පෙට්‍රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවයි. එවැනි තත්ත්වයක් පැවති ඒ අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලට පැමිණි වාහන වලට මෙම ඉන්ධන නිකුත් කරන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
මෙම සිද්ධියත් සමඟ එම ස්ථානයට නාවුල පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද පැමිණෙන්නට විය. පොලිස් නිළධාරීන්ට එහි සිටි ඉන්ධන පාරිභෝගිකයෝ මේ බව පැමිණිලි කරන්නට විය. එමෙන්ම එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරෙකු තවත් බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි වෙනත් ඉන්ධන පිරවුම් හලකින්පෙට්‍රල් බෝතලයක් රැගෙන විත් පොලීසියට මෙන්ම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල කළමනාකාරවරයාට පෙන්නන්නට විය.
එම බෝතල් දෙකේ පෙට්‍රල් වල වර්ණය සුදු පැහැති සහ රතු පැහැති වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් රතු පැහැති පෙට්‍රල් බෝතලේ භූමිතෙල් ගඳ වහනය වීමත් අනෙත් බෝතලේ ඇති පෙට්‍රල් සුදු පැහැ ගැන්වී පෙට්‍රල් ගඳ වහනය වීමද සිදුවිය.
එම ස්ථානයට පැමිණි නාඋල පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු රතු පැහැති ඉන්ධන සිය නහයට ලං කොට කියා සිටියේ භූමිතෙල් ගඳ වහනය වන බවයි. ත්‍රිරෝද රථවලට පෙට්‍රල් ලබාගත් බොහෝ දෙනෙකු මෙම සිද්ධිය දැන ගැනීමත් සමග තම ධාවන ටැංකිය යොදාගත් ඉන්ධන එම ස්ථානයේ සිට ම එළියට ගැනීම විශේෂත්වයකි.
මෙම ඉන්ධන පිරවුම්හලට පැමිණි නාඋල පොලිසියේ නිලධාරීන් පිරවුම් හලේ කළමනාකරුට උපදෙස් ලබා දී සිටියේ තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවතා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS