ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිගාමඬුළු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස විසින් මෙම පැමිණි...
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිගාමඬුළු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.
සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 20,000ක් පමණ එක් එක් ව්‍යාපෘති සඳහා අනුයුක්ත කර ඇති අතර කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ව්‍යපෘතිවලට අනුයුක්ත කර ඇති සෙබළුන් වගා කළ ධාන්‍ය මිලදී ගැනීමේදී, එක් කිලෝවකින් රුපියල් 15ක් පමණ ඉහළ නිලධාරීන් විසින් වංචා කර ඇතැයි වසන්ත පියතිස්ස මහතා මාධ්‍ය හමුවේ පැවසීය. මිලදී ගත් වී ඇතුළු ධාන්‍ය සඳහා නිකුත් කළ රිසිට්පත් වල ඊට අදාල මුදල සටහන් නොකර ධාන්‍ය ප්‍රමාණය පමණක් සඳහන් කරමින් මෙම වංචනික කටයුත්ත සිදු කර ඇතැයි ඔහු චෝදනා කළේය. වී කිලෝවක වෙළඳපොල මිල රුපියල් 50ක්ව පැවතියදී රුපියල් 35ට විකුණූ බව සඳහන් කරමින් මෙම වංචාව සිදුකර ඇති අතර මෙහි සමස්ත වංචාව රුපියල් කෝටි 50 ඉක්මවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක් වූ නීතීඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ මෙම වංචාව ආරම්භ කෙරුණේ සරත් වීරසේකර සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානියාව සිටි 2009 යුගයේ බවය. මෙහිදී නිසි ටෙන්ඩර් පටිපාටියට කටයුතු කර නොමැති බවත් රිසිට්පත් වල නිසි තොරතුරු සටහන් කර නොමැති බවත් පෙන්වා දුන් ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මේ පිළිබඳව නිසි විමර්ශනයක් කොට වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු ඇතැයි බලාපොරොත්තුවන බව පැවසීය.
- රංජිත් නිශාන්ත
COMMENTS