බදුල්ල, කන්දකැටිය - බත්මැඩිල්ල, උමා ඔය ප්‍රවේශ මාර්ගයේ ඇළේ ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 1800ක් සහ බඩ ඉරිඟු වගාව විනාශවීමේ තර්ජනයකට...
බදුල්ල, කන්දකැටිය - බත්මැඩිල්ල, උමා ඔය ප්‍රවේශ මාර්ගයේ ඇළේ ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 1800ක් සහ බඩ ඉරිඟු වගාව විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇති බව එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරයි.
තම වගාබිම් වල ඇති ගොයම් සහ බඩ ඉරිඟු පූදින තත්ත්වයේ පවතින බැවින් තවත් දින 20ත් 25ත් අතර කාලයක් වගාවන් සඳහා ජලය අවශ්‍ය බව ගොවින් කියාසිටී.
නමුක් උමා ඔය ප්‍රවේශ මාර්ගයේ ඇළෙහි නඩත්තු කටයුත්තක් සඳහා පසුගිය 01 වනදා සිට ජලය ලබාදීම නවතා දමා තිබේ.
ගොවීන් කියා සිටින්නේ වගාවන්ට ප්‍රමාණවත් ජලය සපයන තෙක් එම නඩත්තු කටයුත්ත ප්‍රමාද කළ හැකි වුවද කොන්ත්‍රාත්කරු ගොවින්ගේ ඉල්ලීම නොසලකා හරින බවයි.
මෙම තත්ත්වය නිසා දැඩි අපහසුතාවකට පත්ව සිටින ගොවීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ පිළිබඳව සාධාරණ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
බදුල්ල - පාලිත ආරියවංශ
COMMENTS