හිත රිදුණු දින තිබුණද සිතූ මරණය කොතෙක් මිහිරි ද ඔබ පැමිණ හිස පිරිමැද ඇසිල්ලෙන් සුවපත් කලා හද කදුළු පුරවා මා නෙත රිදවුව ද මා හදවත ...
හිත රිදුණු දින තිබුණද
සිතූ මරණය කොතෙක් මිහිරි ද
ඔබ පැමිණ හිස පිරිමැද
ඇසිල්ලෙන් සුවපත් කලා හද
කදුළු පුරවා මා නෙත
රිදවුව ද මා හදවත
ඉන්ද්‍රජාලික පෙම්වත
ඔබේ වදනින් සැනසුනා හිත
අවසන ඔබ ගිය ද
මරා නොමරා මා හද
ඔබව සිහිවෙන සද
මියෙමි උපදිමි යළි මියෙමි අද
බොහෝ කල් ගෙවුනද
තවම ඔබගෙය මා හද
ඔබෙ කදුළු දැන් ඉවරද
තවම මම හඩනවා ඉකිබිද...
COMMENTS