දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිට්ලර්ගේ සාවිත්‍රී දේවිය
Homeප්‍රවෘත්ති

හිට්ලර්ගේ සාවිත්‍රී දේවිය

PropellerAds

සාවිත්‍රි දේවි නමැති ඇය, මියගොස් වසර 25 ක් සපිරෙන මේ අවස්ථාව වන විට අන්ත දක්ෂිණාංශික නාසි සහ නියෝනාසි (නූතන නාසි) වාදීන් විසින් ඇගේ මතකය ...

Vote for leaders with sensitive qualities: Cardinal Ranjith
“කොන්ද පණ නැති නායකයන් එක්ක අරගල කරන්න බැහැ” – ටිල්වින් සිල්වා
ගුරුවරියන්ගේ සාරි ගලවන්න හදන ස්ටාලින්ට, වසන්තා හඳපාන්ගොඩ අමුඩයක් ඇඳං ඉස්කෝලෙ එන්න කියයි
හිට්ලර්ගේ සාවිත්‍රී දේවිය

සාවිත්‍රි දේවි නමැති ඇය, මියගොස් වසර 25 ක් සපිරෙන මේ අවස්ථාව වන විට අන්ත දක්ෂිණාංශික නාසි සහ නියෝනාසි (නූතන නාසි) වාදීන් විසින් ඇගේ මතකය නැවතත් හාරා අවුස්සමින් තිබේ. 

සාවිත්‍රිදේවි හිට්ලර්ගේ ගුප්ත වන්දනාකාරියක් වූවාය. අනුගාමිකාවක යැයි ද ඇය ව කෙටියෙන් හඳුන්වා දිය හැකිය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇගේ පරම වීරයා ඇඩොල්ෆ් හිට්ලර් ය.නමුත් ග්‍රීසියේ අතිශය ජාතිවාදී ගෝල්ඩන් ඩෝව්න් වැනි පක්ෂය සහ යුරෝපයේ හා ඇමරිකාවේ සීඝ්‍රයෙන් හිස ඔසවන ජාතිවාදය විසින් ඇගේ ඡායාරූපවලට අදටත් මෙතරම් තැනක් ලබාදෙන්නේ ඇයි? ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික Counter-Currents වෙබ් අඩවිය ඇගේ ජීවිතය සහ ඇය කළ කී දෑ වෙනුවෙන් අති දැවැන්ත ඉඩක් වෙන් කරයි. ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික නායකයන් වන රිචඩ් ස්පෙන්සර් සහ ස්ටීව් බැනොන් වැන්නෝ ඇයව තවමත් හිස් මුදුනේ තබා කතා කරති. ඇත්තෙන්ම ඇය සහ හිට්ලර් අතර තිබුණු සම්බන්ධය කුමක්ද? 20 වන සියවසේ ගූඪ ෆැසිස්ට්වාදීන් සහ ඇය අතර තිබූ නෑකම කුමක්ද?

ඇතැම් නියෝ නාසි වෙබ් අඩවියක හිට්ලර් ගැන සඳහන් වන්නේ මෙසේ ය. “ඔහු විෂ්ණු අවතාරයකි!”

මේ අතර ඇමරිකාවේ මෙට්ල් බෑන්ඩ්ස් සහ අන්ත දක්ෂිණාංශික රේඩියෝ හරහා නිතර නිතර ‘කලි යුගයක්’ ගැන කතා කෙරේ. හින්දු දේවකතාවලට අනුව කලි යුගය යනු ලෝකයේ අවසානය සිදුවන අන්ධකාරය යුගයයි. 

සාවිත්‍රි දේවිය විශ්වාස කළේ ලෝකය අවසන් කරන්නට කලි යුගයේ පැමිණි විෂ්ණු අවතාරය හිට්ලර් බව ය!

සාරියක් හැඳ සිටියාට, හින්දු දේව පුරාණයෙන් හිස අවුල් කරගත්තාට සාවිත්‍රි දේවිය කිසිසේත්ම ඉන්දියානු සම්භවයක් තිබූ තැනැත්තියක් නොවේ. 1905 සැප්තැම්බර් 30 වැනිදා ඇය උපන්නේ ප්‍රංශයේ ලියොන් නගරයේ ය. ඇගේ සත්‍ය නම මැක්සිමියානි පෝටස් ය. ඇය ග්‍රීක-ඉතාලි පියෙකුගේ සහ ඉංග්‍රීසි ජාතික මවකගේ දියණියයි. ඉගෙනීමට අති දක්ෂ, රූප ශ්‍රීයෙන් ද යුක්ත අයෙක් වූ නමුත් ඈ කුඩා කල පටන්ම ගිලී ගොස් සිටියේ ජාතිවාදී මඩගොහොරුවක ය. ග්‍රීක ජාතිකත්ව වාදයෙන් හිස පුරවාගෙන සිටි ඇය, ග්‍රීසියේ ඇතන්ස් නුවරට පැමිණෙන්නේ 1923 වසරේ හෙවත් පළමු ලෝක යුද්ධය අවසානයේ සුළු ආසියාවේ ක්‍රියාත්මක වූ විනාශකාරී ග්‍රීක හමුදා ආක්‍රමණවලින් දහස් ගණන් සරණාගතයන් අවතැන් ව සිටි කාලයක ය. ඇගේ දැක්මට අනුව ග්‍රීසිය මෙන්ම ජර්මනිය ද වර්සායි ගිවිසුම හේතුවෙන් අසාධාරණයට ලක්වූ ජාතීන් දෙකකි. සැබවින්ම ඇය සරණාගතයන්ට වෛර කළාය. යුරෝපයෙන් යුදෙව්වන් අතුගා දැමිය යුතු බවත් ලොව සිටිය යුත්තේ ‘ආර්ය ජාතිය පමණක්’ බවත් කී කී හිට්ලර්ගේ පව්කාර දර්ශනය වෙත ඇය ඇදී ගියාය.

පියා විසින් ඉතිරිකරගෙන තිබූ මුදල් ටිකත් රැගෙන 1930 දශකයේ මුල් භාගයේ ඇය ඉන්දියාව වෙත එන්නේ යුරෝපයේ මිත්‍යාදෘෂ්ටික අතීතයට නැවත පණ දීම පිණිස ය. මේ ගැහැනිය, 1970 දශකයේ ඉන්දියාව බලා ආ කූ ක්ලුක්ස් ක්ලෑන් සුදු සුප්‍රිමසි මිනීමරු කල්ලියේ හිටපු නායක ඩේවිඩ් ඩියුක් මෙන්ම එදා විශ්වාස කළේ කුල අතර අන්තර් විවාහ සම්පූර්ණයෙන් නතර කිරීමෙන් පිරිසිදු ලේ සහිත ආර්ය ජාතියක් උපද්දවා ගත හැකි බව ය. 

හතරවැනි පන්තියේ දුම්රිය මැදිරියක නැගී ඉන්දියාව පුරා යන යුරෝපීය ගැහැනිය එවකට ඉන්දියාව පාලනය කරමින් සිටි සුදු බලධාරීන්ගේ නොමද අවධානයට හා සැකයට බඳුන් විය. නමුත් දෙවැනි ලෝක යුද්ධය වන තෙක්ම, ඇය ඉන්දියාවේ කළේ කුමක්ද යන්න ගැන නිසි වැටහීමක් බ්‍රිතාන්‍යයන්ට ලබාගන්නට හැකි වුණේ නැත. දෙවන ලෝක යුධ සමයේදී ඇය ඉන්දියාව පිළිබඳ රහස් තොරතුරු ජපනුන් අතට පත් කළාය. මේ අතර ඇය තම නම සාවිත්‍රි දේවි යනුවෙන් වෙනස් කර ගත්තාය. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයට බැඳී හින්දි සහ බෙංගාලි බස හදාළා ය.

 

කල්කටාවේ පැවති ස්වාමි සත්‍යානන්දගේ හින්දු වැඩසටහන්වලදී ‘ක්‍රිස්තියානි විරෝධී’ හින්දු බැතිමතියක වශයෙන් ඒවා මෙහෙයවන්නට පටන් ගනිමින් ඉන්දියානු සමාජය ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තාය. එහිදී ඇය හින්දුත්වවාදය සහ හිට්ලර්ගේ නාසිවාදය අතර සංකලනයක් ඔස්සේ නාසිවාදය සමාජගත කළ බවට සාක්ෂි බොහෝ ය. මෙම හින්දු දේවස්ථානය අද වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ඇතත්, එය දේශපාලනික වශයෙන් අද පාවිච්චි වන්නේ හින්දු ජාතිවාදයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ය. 

පසුව ඉන්දියානු බ්‍රාහ්මණයෙක් සමගම විවාහ වූවාය. බ්‍රාහ්මණයෙක් හෙවත් බමුණෙක් විවාහය සඳහා තෝරාගන්නට හේතු වූයේ බමුණු කුලයේ අය තමන් වැනිම ආර්යයන් බව ඇය විශ්වාස කළ නිසා ය.!

ඉන්දියාවේ හින්දුත්වවාදයෙන් අදහස් කරන්නේ ආර්යයන් හෙවත් උසස් කුල ඇත්තන්ගේ සැබෑ උරුමක්කාරයන් හින්දු භක්තිකයන් බව ය. තවද ඉන්දියාව වෙනත් කිසිදු ජාතියකට අයත් නැති හින්දු රටක් බව ය. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ පරාජයෙන් පසු ඇගේ සිහිනය බිඳ වැටුණේ යැයි නොසිතන්න. එවිට ඇය වහාම යුරෝපයට පළා ගියේ හිට්ලර්ගේ පරමාදර්ශ නැවත ස්ථාපිත කිරීමේ මහා මෙහෙයුමක් සඳහා ය. එංගලන්තයට පැමිණීමෙන් අනතුරුව ඇය ලියූ ළමා උපමා කතාවක් වන Long-Whiskers and the Two-Legged Goddess තුළ ඒ පිළිබඳ යම් ඉඟි අන්තර්ගත ය. එහි කතා නායිකාව, ඇය වැනිම බළලුන්ට ඉතාමත්ම ආශා කළ නාසි දැරියකි. සාවිත්‍රිි දේවියද, හිට්ලර් මෙන්ම නිර්මාංශ භක්ෂකයෙකි. වරක් අයිස්ලන්තයට ගිය ඇය, හෙල්කා ගිනි කන්ද පුපුරා හැළෙමින් තිබෙන අතරවාරයේ එම කඳු බෑවුමේ රැය දෙකක්ම පහන් කළාය. ඇය පසුව ලියා තිබෙන්නේ එම ගිනිකන්ද සෑම තත්පර දෙක තුනකට වරක්ම, ‘ඕම්’ කාරයෙන් හඬ දෙන බවයි!

1948 වසරේදී සාවිත්‍රි දේවිය ජර්මනිය වෙත යාමට සමත් වූවාය. “දිනෙක අප නැගිට ජයගනු ඇත. අපේක්ෂාවෙන් බලා සිටින්න. හිට්ලර් සැරදේවා’"One day we shall rise and triumph again! Hope and wait! Heil Hitler! යනුවෙන් සඳහන් අත්පත්‍රිකා දහස් ගණනක් එහිදී බෙදා හැරීමට ඇය සමත් වූවාය. 

එයින් වසර කිහිපයකට පසු නාසිවාදිනියක් ලෙස හංවඩු ගැසී අත්අඩංගුවට පත්වූ විට ඇය එය වාසනාවක් සේ සැලකුවේ නාසි නායකයන් සමග එකම බන්ධනාගාරය බෙදා ගැනීමට ඇයට ඉඩ සැලසුණු නිසා ය. කටකතාවලට අනුව උසස් කුල බ්‍රාහ්මණයෙකු සමග ඇයගේ විවාහය පොතට පමණක් සීමා වූවකි. ඇගේ පෙම්වතා ලෙස සැක කෙරෙන්නේ නාසි පක්ෂයට මුදල් ලබාදුන් ප්‍රංශුවා ඩිඕර් ය. 

සිය ජීවිතයේ අවසන් සමයේදී සාවිත්‍රි දේවිය නැවතත් ඉන්දියාව බලා ගියාය. එහිදී දිල්ලියේ ගරාජයක් අසල තිබූ තට්ටු නිවාසයක ජීවත් වූ ඇය, සාරියකින් සැරසී හැම උදෑසනකම වීදියේ සිටින බළලුන් ට පාන් සහ කිරි ගෙන යන අන්දම දැකගත හැකි විය. ඇය සැරසී සිටියේ විවාහක හින්දු කතක් සිහිගන්වමින් සම්ප්‍රදායික රන් ආභරණවලින් සහ සාරියකිනි. 

1982 වසරේදී එංගලන්තයේ සිය හිතවතෙකුගේ නිවසේදී මිය ගිය විට ඇගේ අළු තැන්පත් කෙරුණේ පූර්ණ ෆැසිස්ට් ගෞරවය සමගිනි. ඇමරිකානු නාසි නායක ජෝර්ජ් ලින්කන් රොක්වෙල්ගේ සුසානයට යාබදව ය. 

සාවිත්‍රි දේවිය අද වන විට ඉන්දියාවට අමතක ව ඇති බවක් පෙනුණත් ඇය විසින් පතුරන ලද විෂ තවමත් ඉන්දීය හින්දුත්වවාදය තුළ වේ. 1939 වසරේ ඇය ලියූ A Warning to the Hindus පොතට අනුව ඇය හින්දූන්ට කියා සිටින්නේ සංවිධානාත්මක ප්‍රතිරෝධයක් හින්දු ජාතිකයන් විසින් වර්ධනය කර ගත යුතු බවය. එයින් ඇය අදහස් කළේ මුස්ලිම් ජාතිකයන් ඉන්දීය සමාජයෙන් ඈත් කර තැබීම බව ඇගේ ඥාති පුතෙක් ද වන ඉන්දියාවේ ප්‍රවීන මාධ්‍යවේදී සුමන්ත බැනර්ජි පවසයි.

අද වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ පරමාදර්ශය වන්නේ හින්දුත්වවාදයයි. මුස්ලිම්වරුන් සහ ඓහිකවාදීන් විසින් හින්දු ධර්මය දුර්වල කරන බව ඔවුහු කියති. භාරතීය ජනතා පක්ෂය නිල වශයෙන් ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් කතා කළත් 1992 අයෝධ්‍යාවේ බබ්රි පල්ලියේ සිදුවූ මුස්ලිම් සංහාරය ට මගපෑදුවේ මෙම හින්දු අන්තවාදීන් ය.   

සාවිත්‍රි දේවි පිළිබඳ නූතනයේ පවා පොත්පත් ලියැවෙයි. ඒ අතරින් 1998 වසරේ එළිදුටු Hitler's Priestess. Savitri Devi, the Hindu-Aryan Myth, and Neo-Nazism (New York University Press 1998) හි ඇය ගැන විස්තර වන්නේ ‘හිට්ලර්ගේ පූජකවරිය’ යනුවෙනි.

මෙවැනි ගැහැනුන් සහ පිරිමින් නිකම්ම ඉපදී, මොකක් හෝ උමතුවක ජීවත් වී නිකම්ම මිය යනවා යැයි මොහොතකට හෝ නොසිතන්න. ජීවත් වන කෙටි කාලය තුළ මෙවැනි අය පරම්පරා ගණනාවකට සරිලන ශාපයක් පතුරුවති. එවිට ඒ ශාපයේ උරුමය සියවස් ගණනක් තිස්සේ මනු දහම විකෘති කරමින් ලොව කළඹවාලයි. මේ විපත කරන්නේ නූගතුන් යැයි ද නොසිතන්න. ලංකාවේ පවා ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය යනාදී සියලු වර්ගවල ‘වාදවල’ සහ ‘ලේ’වල පෙරමුණේ රාළලා බවට පත්ව සිටින්නේ පටු අදහස්වලින් මොළ අවුල්කරගත් ඊනියා උගත් බුද්ධිමත් පණ්ඩිතයන් පිරිසකි. උදාහරණක් වශයෙන් රාවණා උරුමය සහ රාවණා බලය ගැන වැඩිවශයෙන්ම මන්මත් වන්නේ උපාධි දෙක තුනක්වත් අවම වශයෙන් ඇති අය ය. සාවිත්‍රි දේවියගේ ප්‍රථම උපාධිය විද්‍යාව පිළිබඳව ය. PhD උපාධිය ලිබරල් කලාව පිළිබඳව ය.!

සාවිත්‍රි දේවියගේ විෂ ඊතල පිරුණු දර්ශනයේ සමස්තය මෙයයි. “මිනිසුන් ජාති කිහිපයකට බෙදීමට පුළුවන. එම මිනිස් ජාති නිතරම එකිනෙකාගෙන් වෙන් කර තැබිය යුතුය. ඔවුන් මිශ්‍ර නොවිය යුතුය. ඒවායින් ඇතැම් ජාති වඩා උසස් ය. ඇතැම් ජාති වඩා පහත් ය. අන්ධකාර යුගයේදී මිනිසුන් කරන්නේ ජීවත් වීම පමණකි. නමුත් අන්ධකාර යුගය අවසානයේ උසස් ජාතිය නැවත බලය අත්පත් කරගෙන ගුප්ත ස්වර්ණමය යුගයකට ආපසු යනු ඇත..”

ඉතින් ඇය මනුස්ස ජාතියට වර්ගවාදයේ, ජාතිවාදයේ සහ කුල භේදයේ විෂ පෙවූ හිට්ලර්ගේ යක්දෙස්සියක නොවේද?  ඔවුන් ‘විෂ්ණු අවතාරය“ වීම කෙසේ වෙතත් හිට්ලර් මෙන්ම සාවිත්‍රි දේවිය ද අදටත් අවතාර මෙන් හොල්මන් කරමින් මනුෂ්‍යත්වය වනසන්නට කැස කවන බව හිරු නැගෙන්නා සේම සත්‍යයකි.

ඇය වැනි අයට හැම විටම අමතක වන සනාතන දහම නම්, බුදුන් වදාළ පරිදි  “ලොව ඇත්තේ එකම එක ජාතියකි. එය මනුස්ස ජාතියයි” යන්නයි. මහා නදියක තැන්පත්ව ඇති සියලු රොන් මඩවලට වඩා සාවිත්‍රි දේවිය වැනි දුෂ්ට හා මිත්‍යා දෘෂ්ටික චරිත නිසා කළල් දියේ ඇතිවන ගොහොරුව ඉතා බර ය. ඒ ගොහොරුවේ මනුෂ්‍යත්වය විගස ගිලී යයි. ගොඩ ඒමක් නැති වන්නටම ගිලී යයි. එවිට ජාතිවාදී, වර්ගවාදී, අන්තවාදී අවතාර ඒ දෙස බලමින් යක්ෂයන් සේ වියරු සිනා පාති.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ 

Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිට්ලර්ගේ සාවිත්‍රී දේවිය
හිට්ලර්ගේ සාවිත්‍රී දේවිය
http://ift.tt/2zvtcJl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy