දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගලගේ හිස කෙස් ගිය හේතුව?
Homeගොසිප්

මංගලගේ හිස කෙස් ගිය හේතුව?

PropellerAds

තම වසර 61ක ජීවිත කාලයේ වැඩිපුරම කෙස් ගැලවී ගියේ මුදල් ඇමති ධුරයේ වැඩකළ පසුගිය මාස හයක කාලයේ බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පව...

ලංකාවට ඩොලර් මිලියන 480ක ආධාරයක්!
සජිත් "මහින්ද රාජපක්ෂ" නමින් ගමක් අරඹයි.
මරණ දඬුවමෙන් නිදහස් කරන්න ඉල්ලු : වාස් ගේ පෙත්සම විභාගයට.

තම වසර 61ක ජීවිත කාලයේ වැඩිපුරම කෙස් ගැලවී ගියේ මුදල් ඇමති ධුරයේ වැඩකළ පසුගිය මාස හයක කාලයේ බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ‘බදු වගකීමක් නොව සමාජ යුතුකමකි‘ මැයෙන් පෙරේදා (24දා) මාතරදී ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.

විවෘත ආර්ථිකය නිසි පරිදි රට තුළ ක්‍රියාත්මක වූයේ වසර දෙකක කාලයක් පමණක් බවත්, යුද්ධයත් සමග රට ආපස්සට ගමන් කිරීම ආරම්භ වූ බවත් මංගල සමරවීර මහතා එහිදී පවසා සිටියේ ය.

අසූව දශකයේ මුල් කාලය තුළ යුද්ධයත් සමග ආරම්භ වූ ආර්ථික පරිහානිය 2015 වසර දක්වා විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

‘‘මුදල් ඇමැතිකම මට ලැබුණේ ගිය මැයි මාසෙ. මම මුලින් ම කළේ දවස් දහයක විතර කාලයක් සියලු ම වැඩ කටයුතු පැත්තකට තියලා නිලධාරීන් සමග සාකච්ඡා කරල රටේ ආර්ථිකයේ ඇත්ත තත්වය මොකක් ද කියල දැන ගත්ත එකයි. මගේ වසර 61ක ජීවිත කාලෙන් වැඩි පුරම කෙස් ගැලවිලා ගියේ මුදල් ඇමැතිකමේ වැඩකරපු පහුගිය මාස හය කියලයි මම හිතන්නෙ.

පුදුමයට වගේ ම කණගාටුවට කරුණක්:

ඇත්තට ම අපේ රටේ වක්‍ර සහ සෘජු ආදායම 80-20 මට්ටමේ තමයි තියෙන්නෙ. හරියට ම කිවුවොත් එම අනුපාතය 82 – 18ක් විතර. මේක පුදුමයට වගේ ම කණගාටුවට කරුණක්.

බංග්ලාදේශය වගේ කලාපීය රටවල් ඒ අතින් අපට ඉස්සර කරගෙන යන්නෙ. අසැල්වැසි ඉන්දියාවේ මේ අනුපාතය 50-50 මට්ටමේ තියෙන්නෙ. අපේ රටේ ඒ අනුපාතය 80 – 20 මට්ටමේ තියෙනව කියල කියන්නේ අපි බදු බර පටවන්නේ දැනට බදු ගෙවමින් සිටින අයටමයි.

ඒ නිසා තමයි මේ නව දේශීය ආදායම් පනත ගෙන ආවෙ.

පනතක් ගෙනාවට වැඩක් නැහැ ඒක ප්‍රායෝගිකව ජනතාව අතර ගෙනියන්නෙ නැත්නම්. අද මේ ආරම්භ කරන සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ තමයි පනත ගැන දැනුවත් කිරීම.

ඒ වගේ අපි නව දේශීය ආදායම් පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කරල තියෙනවා. ජනතාවට මේ පනත පිළිබඳ අධ්‍යනය කිරීමේ පහසුව වෙනුවෙන්. 

අපේ DNA වල ව්‍යාපාරික ඥානය තියනවා !

ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ගෙනාපු අස්සයො පිටේ තමයි අපේ ඉස්සර රජවරුන්ගේ වාහන වුණේ. ඒ වගේ ම තමයි අපේ මුතු මැණික් ඊජිප්තුවේ ෆේරෝවරුන් පැළැඳි බවට සාධක තියෙනවා.

ක්ලියෝපැට්රා වුණත් ශ්‍රී ලංකාවේ මැණික් ගලක් පැළදගෙන හිටිය කියල ආරංචි වුණොත් මම පුදුම වෙන්නෙ නෑ.

ඒ නිසා අපේ ඩීඑන්ඒ වලම මේ ව්‍යාපාරික ඥානය තියෙනවා. ඒ හැකියාවන් අවදි කර ගන්නයි ඕනෙ. ඒ නිසා අපේ යම් යම් යල් පැන ගිය නීති රීති වෙනස් කළ යුතුයි. ඒ නිසා 1860 හදපු රේගු පනත, 1911 හදපු සුරා බදු පනත අපි වෙනස් කළ යුතුයි.

අපට මොකද වුණේ ?

තවත් මාස කිහිපයකින් අපේ 70 වෙනි නිදහස් දවස උදා වෙනවා. එදා නිදහස ගන්න කාලේ ශ්‍රී ලංකාව ස්වීට්ස්ර්ලන්තයක් වෙයි කියල අනාවැකි පළ වුණා.

නමුත් අද බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ගමන් කරනවා. අපට මොකද වුණේ කියල අපි කල්පනා කරන්න ඕනෙ. 1978 විවෘත ආර්ථිකේ ආවට ඇත්තට ම එය හරියට ක්‍රියාත්මක වුණේ අවුරුදු දෙකක් විතරයි. එතැන් පටන් අපි යුද්ධයකට මූණ දුන්නා. මේ තමයි අපට අපේ අනාගතය ගැන හිතන්න හොඳම කාලය.”

මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගලගේ හිස කෙස් ගිය හේතුව?
මංගලගේ හිස කෙස් ගිය හේතුව?
http://ift.tt/2Bjpro1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy