දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී
Homeප්‍රවෘත්ති

අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී

PropellerAds

තුන්වැනි වතාටට මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වුණේ ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. සිනමා උළෙල...

විභාග අපේක්ෂකයන් ප්‍රශ්න පත්‍ර පිටපත් කරලා - පැමිණිලි 40ක්
උතුරු සහ නැ‍ගෙනහිර විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන අළුත් කිරීමට සැරෙසෙයි
මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි
අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී

තුන්වැනි වතාටට මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වුණේ ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. සිනමා උළෙලේ අවසන් තිරගත කිරීම ලෙස සටහන් වූයේ ද අනෝමා ජනාදරීගේ එම විශිෂ්ට රංගනය ඇතුළත්, සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ‘බර්නින් බර්ඩ්ස්’ (Burning Birds) හෙවත් ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයයි.

1989 වසරේ ලංකාවේ නැගෙනහිර පළාතේ ජීවත් වන කුසුම් නමැති ගැහැනිය, ඇගේ සැමියා ව පැහැරගෙන යාමෙන් පසු පැරාමිලිටරි භටයන් විසින් වධහිංසාවට ලක් කර අපහරණය කරනු ලබයි. 37 හැවිරිදි කුසුම් ඇගේ දරුවන් අට දෙනා මෙන්ම ඇගේ නැන්දණියගේ ද කුස පිරවිය යුතු වන්නීය. රස්සාවක් සොයාගැනීමට කරන අසාර්ථක උත්සාහයන් ගණනාවක් අතරවාරයේ ඇය කායිකව සහ ලිංගිකව නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක්වන්නීය. අවසානයේ කුසුම් නතර වන්නේ ගණිකා වෘත්තියෙනි. පොලිසිය ඇයව ගණිකා මඩමකදී අත්අඩංගුවට ගනියි. මේ සිද්ධිය ඇගේ දරුවන්ගේ පාසල් ගමනට දැඩි සේ බලපායි. එයින් පසු ඇය තෝරාගන්නා පළිගැනීම මුසු වූ ජීවිතය දැවෙන විහඟුන් චිත්‍රපටය පුරා දිවෙයි. මේ චිත්‍රපටයේ ඇගේ එක් දියණියක් ලෙස රංගනයෙන් එක් වන්නේ සමනලී ෆොන්සේකා ය. 

1998 වසරේ තිරගත වූ අශෝක හඳගමගේ චන්න කින්නරී චිත්‍රපටය හරහා ලාංකේය සිනමාගමනය සිදුකළ ඈ, 2003 වසරේ දී ද හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය වෙනුවෙන් 16 වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද ‘ආසියානු රිදී තිරයේ හොඳම නිළිය’ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.

පසුකාලීනව, රංගන ක්ෂේත්‍රයේදී නළුවරණයේ පටන් සම්මාන උළෙලවල නියෝජනය දක්වා ක්‍රියාදාමය තුළ දේශිය නිළියන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ නොබියව හඬ අවදිකරන ගැහැනියක් ක්‍රියාකාරිනියක් බවට පත්වූ අනෝමා ජනාදරී දිගින් දිගටම කියා සිටියේ තමන්ගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ සම්මානලාභී සහ ආදායම් වාර්තා බිහිකළ රංගනය වෙනුවෙන් සඳහා ලැබිය යුතු ගෙවීම් පවා තමන්ට නොලැබුණු බවයි. 

මෙම 2017 ආසියානු සිනමා උළෙලේ සම්මානය පිළිගැනීම සඳහා ඇය උළෙලට සහභාගි වී සිටියේ නැත. මේ අතර ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ තමන් මෙම සම්මානය පිළිබඳ දැනගත්තේ නළු දසුන් පතිරණ විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් නිසා බවයි. ඒ සමගම, “මගේ හොඳම නිළිය සම්මානය ගන්න ලොස් ඇන්ජලීස් නගරයට යන්න මට ටිකට් එකක් එවන්න කියලා, ඇයි අධ්‍යක්ෂකවරයාට කියන්න බැරි...?” යනුවෙන්ද සටහන් කර තිබිණි.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජීව පුෂ්පකුමාර විසිනි. අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු ආදී නළු නිළි කැළක් මෙහි රංගනයෙන් එක් වෙති.

- අමාලි ජයවීර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී
අධ්‍යක්ෂකවරයාට බැරි වුණා, මට සම්මානෙ ගන්න යන්න ටිකට් එකක් එවන්න..! - අනෝමා ජනාදරී
http://ift.tt/2zdahCA
https://i.ytimg.com/vi/r0NFC0Qrswg/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy