පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබ...
පෙට්රල් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා හේතුවෙන් ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් දක්නට ලැබේ.
ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.
අවශ්‍ය තරම් ප්‍රමාණවත් පෙට්රල් තොග ගබඩාකර තිබෙන බවත් තවත් පෙට්රල් නැවක් හෙට අනිද්දා කොළඹට ලඟාවන බවත් ඒ නිසා පෙට්රල් හිඟයක් නොමැති බවද ලේකම්වරයා පැවසී ය.
මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් සැපයීමට හැකි බව කියා සිටියේය.
පෙට්‍රල් නෑ?
කෙසේ වෙතත් අද(20) උදෑසන කොළඹ සහ හෝමාගම, කොට්ටාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇතැම් ඉන්ධනහල් වල පෙට්‍රල් නොමැති බව වාර්තාවේ. තවද ඇමැති ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
COMMENTS