දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රන්ජන් නෙරපීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ - එජාප කුමන්ත්‍රණයක්

මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්,  අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය...

රන්ජන් නෙරපීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ - එජාප කුමන්ත්‍රණයක්
මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්,  අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සෘජු සම්බන්ධයක් තිබීම යැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.
 
එහි කැඳවුම්කරු ඩයස් සමරක්කොඩි මහතා ප්‍රකාශ කරනුයේ දිවුලපිටිය ආසනයේ බඩල්ගම, මැල්ලවගෙදර, රඹුටන්වත්ත ප්‍රදේශයේ   මාඔය ඉවුරේ සිදුවන මහ පරිමාණ යාන්ත්‍රික වැලිගොඩ දැමීමක් එජාප ප්‍රබලයකුගේ පවුලේ ඥාතියකු විසින්  සිදුකරන අතර ඒ සඳහා  බැකෝ යන්ත්‍ර  වැලි සේදීමේ යන්ත්‍ර සහ ජෙනරේටර් යන්‍ත්‍ර පවා යොදාගෙන ඇති බවය.
 
එමෙන්ම එම පරිසර සංහාරයට එරෙහිව නීතිමය ක්‍රීයාමාර්ග වලට නොඑළඹෙන ලෙස එම දේශපාලඥයා  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශ නිළධාරීන්ට නිරතුරුවම බලපෑම් කරන බවද තම සංවිධානය වෙත වාර්තා වී ඇතැයි සමරක්කොඩි මහතා කියයි.
 
එහිදී පසුගිය කාලයේ දිවුලපිටිය ප්‍රදේශයේ පරිසර සංහාරය පිළිබඳව විමසුමක් කිරීම හේතුවෙන් එවක රන්ජන් රාමනායක මහතා එජාප ප්‍රබලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වු බවක්ද තමන්ට දැනගන්නට ලැබී ඇතැයි සමරක්කොඩි මහතා කියයි.
 
එමෙන්ම මාඔය ඉවුරේ භුමිය වැලිගොඩදැමීම සදහා අඩි 30ක් පමණ ගැඹුරට පොළව හාරා ඇති බැවින් දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශය සහ මාඔය අතර භූ අභ්‍යන්තරික ජල හුවමාරුව ඇණහිටීමෙන් එම ප්‍රදේශයෙන් කාන්තාර ලක්ෂණ පහළවන බව දැන් පැහැදිලිවම දක්නට ඇතැයිද එම සංවිධානය පෙන්වාදෙයි.
 
තවද දිවුලපිටිය ආසනයේ අකරගම,බෝලගල පිටවත්ත,දෙහිගහපල්ලම, කටුනායකවත්ත, බලවල,හොරකඳවිල, දෙමටවත්ත  ආදි ප්‍රදේශ වල ඇති බොරළු කඳු මහා පරිමාණයෙන් කපා ඉවත්කර ගැනීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සහ එජාප ප්‍රාදේශීය දේශපාලන නායකයකු වෙතින් සිදුවන අතර ඔවුන් සමග සෙසු එජාප සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් ද එක්ව සිටින බවත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම මේ පරිසර සංහාරක ජාවාරම්කරුවන්ගේ පොදු අවශ්‍යතාවයක් බැවින් ඔවුන් එහිදී සාමුහිකව ක්‍රියා කර ඇතැයි එම සංවිධානය පවසයි.
 
ඒ අනුව රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීමත් සමඟ  ඉහත සදහන් මහාපරිමාණ පරිසර හානි දෙගුණ තෙගුණ වී පහතරට තෙත් කලාපයට අයත් සදාහරිත ප්‍රදේශයක් වන දිවුලපිටිය නොදුරේදීම ශුක්ෂ කාන්තාරයක් වන බවද ඔවුහු පවසති.ඒ අනුව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තාමාන පරිසර අමාත්‍ය ධුරයද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලන වාසි අවාසි නොතකා  දිවුලපිටියේ සිදුවන අවනීතික මහා පරිමාණයේ පරිසර සංහාර  මැඩලීමට වහා ඉදිරිපත් විය යුතු බවයි.
 
එසේ නොකළහොත් රන්ජන් රාමනායක මහතා දිවුලපිටියෙන් ඉවත්කිරීම නිසා ලත් ජවය හා පන්නරය මුල්කොට එම පරිසර සංහාරක ජාවාරම්කරුවන් දිවුලපිටියේ වාතය,පස,ජලය යන පාරිසරික සාධක  බරපතල ලෙස දූෂණය කොට මුළු දිවුලපිටියම නිරුදක කතරක් බවට පත්කිරීම නොපමාව සිදුකරන බව එම සංවිධානය අවධාරණය කරයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන් නෙරපීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ - එජාප කුමන්ත්‍රණයක්
රන්ජන් නෙරපීම දිවුලපිටියේ ඒකාබද්ධ විපක්ෂ - එජාප කුමන්ත්‍රණයක්
http://ift.tt/2yq72Ip
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy