ඊයේ දිනයේ රූපවාහිනියේ පෙනී සිටිමින් ජාතිය අමතා විශේෂ කතාවක් පැවැත්වූ ජනපති මඩුරෝ එහිදී කියා තිබෙන්නේ රජයට අයත් තෙල් සමාගමක් වන PDVSA, තම ...
ඊයේ දිනයේ රූපවාහිනියේ පෙනී සිටිමින් ජාතිය අමතා විශේෂ කතාවක් පැවැත්වූ ජනපති මඩුරෝ එහිදී කියා තිබෙන්නේ රජයට අයත් තෙල් සමාගමක් වන PDVSA, තම ණය වාරික ගෙවා ගත නොහැකිව අරගල කරන බවයි.
වෙනිසියුලාවේ ප්‍රකටතම ඛණිජ තෙල් සමාගමක් ලෙස කලක් වැජඹුණු මෙම සමාගම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය උගුලකට හසු ව තිබේ. වෙනිසියුලාව රටක් වශයෙන් මේ වන විට විදේශ මුදල් සමග නාමකරණය වූ බැදුම්කර සම්බන්ධයෙන් ඩොලර් බිලියන 64 ක අති දැවැන්ත ණය බරකින් පීඩා විඳියි.
මේ අතර වෙනිසියුලාව මේ වන විට දැඩි මානුෂීය අර්බුදයකින් ද පීඩා විඳිමින් පසුවෙයි. රට තුළ දරුණු ආහාර සහ ඖෂධ හිඟයක් තිබේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ද බෙහෙවින් ඉහළ අගයක් ගනියි.
වෙනිසියුලාවේ නිල මුදල් ඒකකය වන බොලිවාර් හි අගය, මේ වන විට ඇමරිකානු පැන්සයකින් 10 න් 1 ක් දක්වා අවපාතනයට ලක් ව ඇත.
විචාරකයන් පෙන්වා දෙන්නේ PDVSA සමාගමේ ණය ගෙවීම සඳහා එහි කොටස්කරුවන් සමග නව එකඟතාවයකට පැමිණීමට වෙනිසියුලාව අසමත් වුවහොත් එම අති දැවැන්ත ණය ප්‍රමාණය බොල් ණය වශයෙන් ලැයිස්තුගත වන බවයි. මෙය මෙසේ වුවහොත් වෙනිසියුලානු ඛණිජ තෙල් සමාගම විදෙස් ආයෝජකයන් විසින් අත්පත් කර ගැනීමේ විශාල ඉඩකඩක් පවතින අතර, එය වෙනිසියුලානු ආර්ථිකයේ නව කඩාවැටීමක ආරම්භය බවට ද පත්වනු ඇත. එයට හේතුව මෙම තෙල් සමාගම සැලකෙන්නේ මිලියන 30 ක් වන වෙනිසියුලා පුරවැසියන්ට ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ජාතික ආර්ථිකයට ආදායම සපයන එකම බාහිර ආදායම් මාර්ගය වශයෙන් සැලකුණු නිසා ය. තෙල් සමාගමේ කඩාවැටීමට හේතුව වශයෙන් සැලකෙන්නේ රජය විසින් නිසි ලෙස එම සමාගම කළමනාකරණය නොකිරීමයි.
- අමාලි ජයවීර
COMMENTS