දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි
Homeප්‍රවෘත්ති

ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි

PropellerAds

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙ...

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් !
උතුර-නැගෙනහිර දෙමල නිජබිමක් යයි ඇමරිකානු කොංග‍්‍රසය පිළිගනී !
ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මොවුන් සිය ගැටලු සහ ඉල්ලීම් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

මේ රටේ සෑම ජන කොටසකගේම ගැටලු පිළිබඳ මනා අවබෝධයක් තමාට තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉතා විවෘතව සහ සාධාරණ ලෙස එම ගැටලුවලට විසඳුම් ලබාදීමට තමන් ඇතුළු රජය කැපවී සිටින බව ප‍්‍රකාශ කළේය.

රජයේ සිර කඳවුරුවල ඇතැම් පිරිස් රඳවාගෙන සිටින බවට එල්ල වන චෝදනා පිළිඳබව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එවන් කිසිඳු රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවත්, කිසිඳු පිරිසක් එලෙස රඳවාගෙන නොමැති බවත්ය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ තොරතුරු එක් රැස් කිරීම සඳහා නව අයදුම්පතක් දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා යොමු කිරීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා මෙම දෙසැම්බර් 15 වන දිනට පෙර එම තොරතුරු එක් රැස් කරන ලෙස සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත චක‍්‍ර ලේඛයක් නිකුත් කිරීමට ද උපදෙස් දුන්නේය.

එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි
ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි
http://ift.tt/2AMIk1A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_726.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_726.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy