ම හින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ අධිකරණයේ විමසන නඩු වලට බලපෑම් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහ...
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේ අධිකරණයේ විමසන නඩු වලට බලපෑම් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
නැවත ඡන්ද ගණන් කිරීමක් සම්බන්දයෙන් එකල ගාල්ලේ පරාජිත දේශපාලඥයෙකු පවරා තිබූ නඩුවකට මෙම බලපෑම කල බවද ඒ මහතා පැවසීය.
තමන්ට මන්ත්‍රීධූරය බේරා ගැනීම සඳහා එම අවස්ථාවේ ආණ්ඩුව සමග එක් වීමට සිදු වු බවද ද ඔහු සඳහන් කළේය.
අරලියගහ මන්දිරයට නීතිපතිවරයා සහ අධිකරණය කැඳවා එම නඩුව අතහැර දමන ලෙස බලපෑම් කළ බව ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

COMMENTS