දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත් නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටිනා 34 හැවිරිදි ...
දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත් නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටිනා 34 හැවිරිදි පිලිපීන ජාතිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ .
මෙම පුද්ගලයා ඉකුත් 11/13 දින තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියේ කටාර් රාජ්‍යයේ තාක්ෂණවේදියෙකු ලෙස රැකියාවක් සදහා යෑමටය . ඔහු මෙම ගුවන් ගමන් සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තෝරා ගෙන තිබුණේ කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ඍජු ගුවන් ගමන් සේවා පැවතීමත් වෙනත් ගුවන් සේවා වලට සාපේක්ෂව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මිළ ගනන් අඩු වීමත් වේ.
ඒ අනුව 11/14 දින ඔහු කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත යෑමට ශ්‍රී ලන්කන් ගුවන් යානය වෙත ගියත් ඒ වනවිටත් එම ගුවන් යානය අවශ්‍ය මගීන්ගෙන් පිරී පැවතීම නිසා ඔහුට එම යානය ප්‍රතික්ෂේප වී ගමන් ගැනීමට නොහැකි වී තිබේ.
එතැන් සිට ඔහු මේ වනතුරුත් කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දිය නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයට වී බලා සිටින අතර ඔහු පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝ ගුවන් තොටුපොළ බලධාරීන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබිණි .
මේ අතර 11/17 දින උදෑසන තම සොහොයුරාගේ හදිසි අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලීම සදහා මෙම පිලිපීන ජාතිකයාගේ සොහොයුරියක් කටාර් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර ඇය මෙම සිදිධිය ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ .
ජාත්‍යන්තර නීතිය අනුව පැය 12 කට වඩා කිසිදු පුද්ගලයකු , නීතිමය අවසරයකින් තොරව රදවා තබා ගෙන සිටීම තහනම් කටයුත්තකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් පුවත සැලවීමෙන් පසු මෙම පිලිපීන ජාතිකයා පිළිබඳව වගකීම බාර ගෙන ඔහුට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇත.
නමුත් ඔහුට මෙරට රැදී සිටීමට සිදු වූ කාලය තුළ ඔහුට කටාර් රාජ්‍යයෙන් නිකුත් කර තිබූ වීසා පහසුකම අවලංගු වී යාම නිසා යළිත් අද (17) රාත්‍රී 11.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 407 දරන යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
(ටී.කේ .ජී.කපිල )
COMMENTS