නොරෝච්චෝල් තාප විදුලි බලාගාරයේ වසර 10කට වඩා පැරණි ටර්බයින ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සුත්‍ර යළි අලුතින්ම සවි කිරීමට චීනය තීරණය කර තිබේ. චීනය ම...
නොරෝච්චෝල් තාප විදුලි බලාගාරයේ වසර 10කට වඩා පැරණි ටර්බයින ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සුත්‍ර යළි අලුතින්ම සවි කිරීමට චීනය තීරණය කර තිබේ.
චීනය මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ නොරෝච්චෝලේ තාප විදුලි බලාගාරයේ හදිසි බිඳවැටීම් 78කට වඩා වාර්තා වීම නිසාය. නොරෝච්චෝලේ තාප විදුලි බලාගාරයේ දිගින් දිගටම සිදු වන බිඳවැටීම් ගැන රජය ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම් දීමක්ද චීන රජය වෙත යොමු කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ යන මහත්වරුන්ගේ යහපාලන ජාතික රජය චීනය සමඟ ඇති කරගෙන තිබෙන අතිශය යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කරමින් නොරෝච්චෝලේ තාප විදුලි බලාගාරයේ නවීකරණ කටයුතු සියල්ල හැකි ඉක්මණින් කිරීමට තීරණය කළ බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය දකුණු ආසියානු කලාපයේ උපඅධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂි ආ මහත්මිය බෙයිජිං නුවරදී පැවසුවාය.
පසුගිය රජය යටතේ නොරෝච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදි කිරීමේදී පාවිච්චියට ගනු ලැබූ ටර්බයින ඇතුළු විදුලි උත්පාදන උපකරණ සවි කෙරුණු බවට මෙරට විදුලි ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විසින් චෝදනා නැගිණි. නොරෝච්චෝල තාප විදුලි බලාගාරයට නවීන ටර්බයින ඇතුළු විදුලි උත්පාදන යන්ත්‍ර සවි කිරීමට චීනය තීරණය කර ඇත්තේ කිසිදු අමතර මුදලක් අය කිරීමෙන් තොරවය.
COMMENTS