කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ්‍රාම ලබා ගත් එම්. ඒ අලාම් මහතා නැවත එම අමාත්...
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ්‍රාම ලබා ගත් එම්. ඒ අලාම් මහතා නැවත එම අමාත්‍යාංශය තුළ සේවයේ පිහිටුවා ඇත.
ජාතික රසායන අවි අධිකාරියේ එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොට ඇති ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට ඔහුව පත්කොට තිබේ.
එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකුට ලබා දිය යුතු වුවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සමීපතම හිතවතකු වූ අලාම් මහතා ද ඒ තනතුරට පත් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්ද පවා තොරවය.
අධ්‍යාපන සුදුසුකම් නැහැ :
සාමාන්‍යයෙන් එම ඒකකයේ කළමණාකරණ සහ කාරවරයෙකු පවා බඳවා ගනු ලබන්නේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන අතර අලාම් මහතාට එවන් කිසිදු සුදුසුකමක් නොමැති පරිපාලන සේවයේ සමාන්‍ය උපාධිධාරියෙකු බව ද අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඒකකයට අලාම් මහතා පත් කිරීමට පෙර අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් පිට අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කොට නවීකරණය කොට ඇත්තේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පවා අනුමැතියකින් තොරවය.
අදාළ තනතුරට වේ මන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවීම නිසා එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය සඳහා හිමි විය යුතු මාසික වැටුප පාව අලාම් මහතාට ගෙවා නොමැති බව ද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂඞ් බදුර්දීන් මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ විය.
COMMENTS