දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කියවීමේ හැකියාව සහ සිතන්නට බුද්ධියක් ඇති සියලු දෙනාවෙත
Homeප්‍රවෘත්ති

කියවීමේ හැකියාව සහ සිතන්නට බුද්ධියක් ඇති සියලු දෙනාවෙත

PropellerAds

  2005 දි පසුගිය රජය බලයට එන විට රටේ සමස්ථ ණය බර රුපියල් බිලියන 2,222ක් විය ( කෝටි 222,200) 2014 අවසාන වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලි...

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි
සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි
මන්දකට හසු වූ කළු කොටියා මුදා ගත් මෙහෙයුම මෙන්න - (ඡායාරූප සහිතයි)
කියවීමේ හැකියාව සහ සිතන්නට බුද්ධියක් ඇති සියලු දෙනාවෙත

 

2005 දි පසුගිය රජය බලයට එන විට රටේ සමස්ථ ණය බර රුපියල් බිලියන 2,222ක් විය ( කෝටි 222,200)

2014 අවසාන වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 7391 දක්වා ඉහල ගොස් තිබුනි.

වසර නමයක කාලය තුල රුපියල් බිලියන 5160 කින් රජ්‍ය ණයබර වැඩි වී තිබුනි. මේ වසරකට දල වශයෙන් රුපියල් බිලියන 575 ක පමන වැඩිවීමකි.

මේ මුදල් වලුට සිදුවූයේ කුමක් දැයි වටහා ගැනීමට එම වසර 9 ක කාලය තුල සිදුවූ දේවල් මතක් කර බලමු.

වසර 30 තිස්සේ රටට විශාල බරක්ව පැවති ත්‍රස්ථවාදය මුලින් උපුටා දමන ලදී.

රටේ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා සිව් ගුනයකින් වැඩිවිය. ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා වර්ධනය වීමට වසර 57 ක් ගත් වී තිබුන අතර එය සිව් ගුනයකින් වර්ධනය කිරීමට අවශ්‍ය වුයේ වසර 9 ක් පමනි.

උද්ධමනය 8.3 % සිට 3.3 % ට අඩු විය

රැකියා වියුක්තිය 8.3% සිට 4.3 % ට අඩු විය

දුගී බව 15% සිට 8% ට අඩු විය.

විදුලිය ඇති නිවාස ප්‍රමාණය 73% සිට 98% දක්වා වැඩි විය

පිරිසිදු ජලය ලැබෙන නිවාස ප්‍රමාණය 72% සිට 90% දක්වා වැඩිවිය

දුරකථන භාවිතය 37% සිට 120% දක්වා වැඩිවිය

පරිඝනක සාක්ෂරතාව 0.5% සිට 26% දක්වා වැඩි විය.

අයවැය පරතරය 7.5% සිට 5.7% දක්වා අඩුවිය

රාජ්‍ය ණය බර දල ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 102.5% සිට 70.3% ට අඩු විය

කොටස් වෙළඳපොල සමස්ථ මිල දර්ශකය ඒකක 1506 සිට 7299 දක්වා වැඩි විය. 2014 වන විට කොළඹ කොටස් වෙළඳපොල ආසියාවේ තිරසරම කොටස් වෙළඳපොල ලෙස සම්මාන ලැබීය.

කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස 2014 සම්මාන ලැබුවේ චීනය පවා පරදවමිනි.

පසුගිය රජයේ අවසාන වසර කිහිපයේ ලංකාවේ ආර්ථිකය වසරකට 7% කට ඉහල වේගයකින් වර්ධනය වෙමින් පැවතිනි.

නමුත් ලංකාවේ ඡන්දදායකයෝ මින් සෑහීමට පත් නොවූහ. ඒ අනුව 2015 ජනවාරි මස රටේ පාලනය වෙනත් කණ්ඩයමකට බාර දෙන ලදී. ඒ වඩා සාර්ථක පාලන තන්ත්‍රයක් අපේක්ෂාවෙනි.

වෙනස සිදු කොට දැන් වසර 3කට ආසන්නය

අප මේ කාලය තුල අත්පත් කර ගෙන ඇත්තේ මොනවාදැයි මදක් සිතා බලන්න. හදවතින් නොව බුද්ධියෙන් විමසන්න. ඒ සඳහා රජයේම දත්ත භාවිත කරන්න. මහබැංකු වෙබ් අඩවියට පිවිසීමෙන් මේ ඕනෑම දත්තයක් ඔබට පරීක්ෂාකල හැක.

රටේ ආර්ථික වර්ධන වේගය අඩාලවී ඇත. එය මේ වන විට 4% ට අඩුය.

උද්ධමනය 3.3% සිට 8.6% ට වැඩි වී ඇත

රැකියා වියුක්තිය 4.3% සිට 4.6% ට වැඩි වී ඇත

නමුත් 2017 වසරේ රජයේ එදිනෙදා වියදම් 2014 ට වඩා 49% කින් ඉහල ගොස් ඇත. 2018 වසරේ ඇස්තමේන්තුව අනුව 63% කි වියදම ඉහල යාමට නියමිතය.

ජනතාව මත පැටවූ බදු 2014 ට වඩා 49% කින් දැනටමත් ඉහල ගොස් ඇති අතර මෙවර අයවැය යෝජනා අනුව 2018 වසරේ ජනතාවගේ බදු බර 2014 ට සාපේක්ෂව 94% කින් ඉහල යනු ඇත.

2018 වසරේදී ජනතාව 2014 ට වඩා රුපියල් බිලියන 984 ක් ( කෝටි 98,400) ක් වැඩිපුර බදු ගෙවීමට නියමිතය.

රුපියලේ අගය 17% කින් පමන බාල්දු වීම නිසා පමනක් රාජ්‍ය ණය වලට ඇති බලපෑම රුපියල් බිලියන 550 කින් පමන ඉහල ගොස් ඇත.

ලෝක බැංකුවේ ' ව්‍යාපාර කිරීමේ පහසුකමේ දර්ශකය' තුල 2014 දී ලංකාව ලෝකයේ 85 වන ස්ථානයේ සිටි නමුත් 2017 අවසන් වන විට අප 110 ස්ථානයට පහත වැටී ඇත.

ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය ලංකාව ආයෝජනයට අනතුරු දායක රටක් ලෙස නම් කොට ඇත

පසුගිය වසර 3 තුල විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 කට වඩා ලංකාවෙන් ඉවත් කරගෙන ඇත.

මේ අතර රජය දිගින් දිගටම අලුතින් ණය ගනිමින් සිටී

2014 දී රුපියල් බිලියන 7391 වූ රාජ්‍ය ණය බර 2017 ජූනි වන විට රුපියල් බිලියන 10,163 දක්වා ඉහල ගොස් තිබුනි.

2018 අයවැය යෝජන අධ්‍යයනයෙන් පෙනෙන්නේ 2018 අවසන් වන විට රාජ්‍ය ණය බර රුපියල් බිලියන 12,000 ඉක්මවීමට නියමිත බවයි. ඒ 2014 ට සාපේක්ෂව 64 ක පමණ වැඩි වීමකි.

මේ අනුව පසුගිය රජය වසර 9 ක් තුල අලුතින් ලබාගත් රුපියල් බිලියන 5,169 ක ණය මෙන් 90% ක් හෙවත් රුපියල් බිලියන 4,700 ක පමන අලුත් ණය වත්මන් රජය ඔවුන්ගේ මුල් වසර 4 තුල ලබා ගැනීමට නියමිතය.

එහෙත් එදා මෙන් ඔබට ඇහැට පෙනෙන්නට සංවර්ධනයක් සිදු වෙමින් පවතීද ?

පසුගිය රජය ආරම්භ කර තිබූ ව්‍යාපෘතීන් වැඩ අවසන් වූ පසු තමුන්ගේ මෙන් පෙන්වා විවෘත කරනවා විනා එදා මෙන් ඔබට ඇහැට පෙන්නට සංවර්ධනයක් අලුතින් සිදු වෙමින් පවතීද ?

අනාගත පරපුර වෙනුවෙන් අප ඉතුරු කල යුතු සම්පත් විදේශිකයින්ට කුණු කොල්ලයට පවරා දී පිටරැටියන් විත් අප රට දියුණු කරනු අන්ධ භක්තියෙන් බලා සිටීම හැර වෙනත් ආර්ථික ප්‍රතිපත්තියක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?

දේශපාලන කන්නාඩි ගලවා ඔබම මදක් සිතන්න, අප මේ යන්නේ කොයිබටද ?

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කියවීමේ හැකියාව සහ සිතන්නට බුද්ධියක් ඇති සියලු දෙනාවෙත
කියවීමේ හැකියාව සහ සිතන්නට බුද්ධියක් ඇති සියලු දෙනාවෙත
http://ift.tt/2muni5D
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy