ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 07කට පනවා තිබු පොලිස් අදිරි නීතිය අද(19) පෙරවරු 6න් අවසන් විය. ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මාහපුගල...
ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 07කට පනවා තිබු පොලිස් අදිරි නීතිය අද(19) පෙරවරු 6න් අවසන් විය.
ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මාහපුගල, රුක්වත්ත, ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, පියදිගම සහ කුරුදුවත්ත යන ග්‍රාම සේවා වසම් සදහා මෙලෙස පොලිස් අදිරිනීතිය පනවා තිබිණි.
තවදුරටත් එම ප්‍රදේශවල රාජකාරි කටයුතු සදහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුධ හමුදාව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පසුගිය සිකුරාදා ඇති වු කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
COMMENTS