ඇතැම් අය අහනවා වෙනස සනීපද? යන්න අසන බවත් වසර 03කට පසු සිදු වී ඇති වෙනස පිළිබඳව තමන් තෘප්තිමත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී...
ඇතැම් අය අහනවා වෙනස සනීපද? යන්න අසන බවත් වසර 03කට පසු සිදු වී ඇති වෙනස පිළිබඳව තමන් තෘප්තිමත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සූර්යබල සංග්‍රාමයේ මෙගාවොට් 100 සම්පුර්ණ වීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පෙරේදා (21) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“මේ ගෙවී ගිය වසර තුන තුළ මම එදා ආණ්ඩුවෙන් එළියට බැස්සේ අද වගේ දවසක ඉලක්කයක් සම්පුර්ණ කරන්න. එය බොහෝ සංකීර්ණ වූ ඉලක්කයක්. අද ලෝකයේ සියලු රාජ්‍යයන් අපේ මිතුරන් බවට පත් වෙලා තියෙනවා. අපේ රටට අහිමි වූ බොහෝ දේ අප ලබා ගත්තා. ආණ්ඩුවක් විදියට වැඩ කරන විට විවේචන තියෙනවා, නින්දා අපහාස තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් සමාජයක ඒ දී ඇති අයිතිය භුක්ති විදින සමාජයක අපි ඒ සියලුදෙයට ගෞරව කරනවා. මීට අවුරුදු තුනකට පෙර මේ රට තිබූ තත්වයෙන්ම මේ රට තිබුණා නම් මේ වෙනස නොවී, ඇතැම් අය අහනවා වෙනස සනීපද? කියලා. අපි කියනවා වෙනස හොඳට සනීපයි කියලා, රටේ ජනතාවට. ඇයි එහෙම කියන්නේ මීට වසර තුනකට කලින් මේ රටට ආර්ථික සම්බාධක පැනවීමේ පලවෙනි පියවර තබලා තියෙනවා. ආණ්ඩුවෙන් එළියට බහින විට විදුලි පුටුවක් ගැන කතා කළා. ඒ සියල්ල අද අපි ඉවත් කරලා තියෙනවා.යුධ අධිකරණ නැහැ,විදුලිපුටු මේ රටේ නැහැ. මට පෙර මේ තනතුරේ සිටි අය අධිකරණයට දුන්න දුරකථන ඇමතුම්, අධිකරණය පාවිච්චි කළ හැටි, විනිසුරුවන් පත් කරපු හැටි, නොයෙක් නඩු තීන්දු දෙන්න ක්‍රියා කරපු ආකාරය, නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කළ ආකාරය මොන තරම් දුෂිතද කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා.”
COMMENTS