රටේ තිබ්බ මුදල් අවශ්‍යතාවය පියවගන්න වෙන්දේසි ක්‍රමයකට ගිය බවත් මහ බැංකුවට ඇවිල්ලා කොල්ලකනකම් මහ බැංකුව බලාගෙන හිටියද යන්න ගැටළුවක් බවත් ප...
රටේ තිබ්බ මුදල් අවශ්‍යතාවය පියවගන්න වෙන්දේසි ක්‍රමයකට ගිය බවත් මහ බැංකුවට ඇවිල්ලා කොල්ලකනකම් මහ බැංකුව බලාගෙන හිටියද යන්න ගැටළුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.
“දැන් අපේ අගමැතිතුමා මේක වඩාත් විනිවිද වෙන්න තමයි අර ඍජු ක්‍රමය පැත්තකට දාලා ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය ගිහිල්ලා ඒ වෙනකොට රටේ තිබ්බ මුදල් අවශ්‍යතාවය පියවගන්න තමයි මේ වෙන්දේසි ක්‍රමයකට ගියේ. මේක හරහා යම් වැරද්දක් වෙලා තියෙනවා නම් මේක 2008 ඉඳලා මේ ඍජු ක්‍රමය හරහා වෙච්ච අකටයුතුකම් කියන්න ඕනේ. මේ හතර පස් දෙනෙකුගේ දුරකථන ඇමතුම් නෙවෙයි. හිටපු පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අය 2008 ඉදලා කවුරු එක්කද කතා කරලා තියෙන්නේ මේ සේරම කියන්න ඕනේ. අර්ජුන ඇලෝසියස් මහත්තයා කියන්නේ තුන්වැන්නා. ඇලෝසියස් වැරදිකරු හැටියට පිනුම් ගහන්නේ මහ බැංකුවේ. එතකොට අර්ජුන ඇලෝසියස් මේ මහ දවාලේ ඇස් බැඳගෙන කව් බෝයි කෙනෙක් වගේ පිස්තෝල අරගෙන මහ බැංකුවට ඇවිල්ලා කොල්ලකනකම් මහ බැංකුව බලාගෙන හිටියද? මහ බැංකුව තුළ අවස්ථාවක් තිබුණේ නැත්තම් අර්ජුන ඇලෝසියස්ට වැරදි කරන්න බැහැනේ.”
“මහ බැංකුවේ නිළධාරීන් කීදෙනෙක් එක්ක මේ ඉන්න කෝප් කමිටුවේ සාමාජිකයන් ඇමතුම් දීලා තියෙනවාද? ඒවා බලන්න ඕනේ. 2011.03.29 වනදා ඔය ප්‍රශ්නගත බැඳුම්කරයට සම්බන්ධ ආයතනය ලබා දීලා තියෙනවා මිලියන 15ක් මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කණ්ඩායම කටයුතු කරපු මේ ගිණුමට. 2011.08.25 මිලියන 15ක් ලැබෙනවා. තැම්පත්කරුගේ තොරතුරු නොමැත. මිලියන 29ක් තොරතුරු නොමැත. මේ දිගටම තැන්පත් කරුවන්ගේ තොරතුරු නොමැත. මේ 2010 වෙච්ච සෙල්ලම්. 2008 ඉදලා මේ ගොල්ලෝ කරපු මේ ගණුදෙණු තියෙනවා. එතකොට අපිට බලාගන්න පුළුවන් නාමල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, බැසිල් රාජපක්ෂ මැතිතුමාලා ඒ සමාගම්වල අයට කොච්චර දුරකථන ඇමතුම් දුන්නද? කොච්චර මුදල් ගත්තද? මේ වගේ දැවැන්ත ප්‍රශ්න තියෙනවා. ඒ නිසා කරුණාකරලා ඒ ඇමතිවරුනුත් සම්බන්ධ කරගෙන සියල්ල පිලිබඳ පොදු පරීක්ෂණයක් කරන්න අපි විසින්ම ඇති කරනු ලැබූ මේ විනිවිදභාවය තුළ ප්‍රශංසාවක් ලැබීය යුතුවා වෙනුවට අපට අවමාන නොකර කියන එක මන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.
COMMENTS