දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැරී කුමරු කැකිරි පළයි!!
Homeදේශපාලන

හැරී කුමරු කැකිරි පළයි!!

PropellerAds

ඊයේ බකිංහැම් මාළිගය හැරී කුමරුගේ සහ මෙගන් මර්කල්ගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. නව යුවළ ලබන වසරේ වසන්තයේදී අතිනත ගනු ...

MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාවේ අවධානය
රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ඇරඹෙයි (LIVE)
එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකයි - කරූ
හැරී කුමරු කැකිරි පළයි!!

ඊයේ බකිංහැම් මාළිගය හැරී කුමරුගේ සහ මෙගන් මර්කල්ගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. නව යුවළ ලබන වසරේ වසන්තයේදී අතිනත ගනු ඇත.

මෙගන් මර්කල් අතිශය ආකර්ෂණීය චරිතයකි. ඇය මනුෂ්‍යත්වය වෙනුවෙන් විවිධ සිවිල් ව්‍යාපාරවල පෙරමුණ ගෙන කටයුතු කරන්නීය. ඇය ඉපදුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇය හැදී වැඩුණේ රූපවාහිනී නිෂ්පාදනයට සම්බන්ධ, අයිරිෂ් මූලයන්ගෙන් යුත් පවුලක ය. ඇගේ මව අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත සමාජ ක්‍රියාකාරිනියක් සහ යෝගා ගුරුවරියකි. පැහැදිලිවම මෙගන් මර්කල් මිශ්‍ර සම්භවයකින් යුත් අයෙකි.

ඔවුන් මුලින්ම එකට සිටිනු ලෝකය දුටුවේ 2016 ගිම්හානයේ ‘ඉන්වික්ටස් ගේම්ස්’ හි සමාරම්භක උළෙලේදී ය. කුමරු එවිට පසුවූයේ හදිසි අනතුරකට ලක්ව තුවාළ පිටිනි. විවාහ ගිවිස ගැනීමේදී මෙගල් හට පළඳින මුදුවේ මෝස්තරය නිර්මාණය කළේද හැරී කුමරු ම ය. සිය ආදරණීය මව වන ඩයනා කුමරියට අයත්ව තිබූ සුදු දියමන්ති දෙකකින් ඒ මුදුව හැඩ වී තිබේ. ඒ කුඩා දියමන්ති දෙක මධ්‍යයේ තිබෙන විසල් දියමන්තිය, මේ යුවළ පසුගිය වසරේ වැඩි කාලයක් නිදහසේ ගත කළ බොට්ස්වානාවෙන් ගෙන එන ලද්දකි. මේ දෙදෙනාම අප්‍රිකා මහද්වීපයට පෙම් බැන්දෝ වෙති. එහි තිබෙන නිකැළැල් පරිසරය සහ නිදහස් වාතාස්‍රයට ප්‍රේම කරන්නෝ වෙති. ඒ සියල්ලටමත් වඩා එකිනෙකාගේ ‘සිත් සිප ගන්නෝ’ වෙති.

පවුලක් ආණ්ඩු මට්ටු කරන්නේ පිරිමියා වන හෙයින්, කෙල්ල කොල්ලාට වඩා වයසින් බාල විය යුතු යැයි ද, බාල තරමටම හුරතල් විය යුතු යැයි ද ඇමරිකන්කාරයන් පවා සිතන යුගයක, කිරීටය කරේ තබාගෙන උපදින සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි පස්වැන්නා හෙවත් 33 හැවිරිදි හැරී කුමාරයා ජීවන සහකාරිය ලෙස තෝරාගන්නේ තමන්ට වඩා අවුරුදු 3 ක් වැඩිමල් යුවතියකි.

බකිංහැම් මාළිගය මෙගන් වැනි යුවතියකට කැමැත්ත පළ කිරීම, අහඹුවක් යැයි නොසිතන්න. හිරු නොබසින අධිරාජ්‍යයේ බ්‍රිතාන්‍ය මහ රැජිනට තමන්ගේ පුතුන් සාමාන්‍ය පවුල්වල යුවතියන් සමග අතිනත ගැනීම, ගැරඬියාට භූමිතෙල් වැදීමක් මෙන් දැනුණු අවස්ථා වැඩි ය. අටවැනි එඩ්වඩ් කුමාරයාට සදහටම කිරුළ දමා, තම ගම්බද යුවතිය සමග යන්නට සිදුවිය. ‘සියවසේ මංගල්‍යය’ යනුවෙන් එදා හැඳින්වුණු චාල්ස්-ඩයනා මංගල්‍යය දෙස එදා ලෝකය බලා සිටියේ ඇස් රවුම් කරමිනි. මහරැජින කෙසේ හෝ කැමති කරවාගෙන චාල්ස් කුමරු ඒ විස්කම කරන විට ඔහුට හතර වටින් ලකුණු වැටුණේය. නමුත් එය ලෝක මායාවක් බව වැඩි කල් නොගොස්ම ඔප්පු වුණේය. ඔහු ආදරය කළේ විවාහ කරගන්නා කෙනාට නොවේ. මේ ලෝකයේ ලොකුම අභියෝගය වන්නේ ආදරය කරන කෙනා විවාහ කර ගැනීම මිස අන් කෙනෙක් නොවේ. හැරීගේ අයියා, විලියම් කුමරු ද විවාහ වුණේ සාමාන්‍ය යුවතියක සමග ය. ලෝකය ඇගෙන් ඩයනා කුමරියගේ ප්‍රතිරූපය බලාපොරොත්තු වුවත්, කැතරින් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන් යනු දැහැමෙන් සෙමෙන් දරුමල්ලන් හදාවඩාගෙන මාළිගයට කූඩු වී සන්තෝසයෙන් සිටින කිරිල්ලියකට වඩා එහා කෙනෙක් නොවන බව දැන් දැන් පෙනේ. නමුත් මේ සියලු අව් අස්සේ හැරී කුමරු යනු ‘හදන්නට පුළුවන් එකෙක් නොවන බව“ රජ පවුල හොදින් දනී.

 හැරී කුමාරයාගේ මේ ‘දඩබ්බර තෝරාගැනීම’ ඔහුගේ ‘දඩබ්බර’ යැයි කියන චරිතය ඇසුරෙන්ම විග්‍රහ කරගත යුත්තකි.

රජ පවුලේ දඩබ්බරයා කුමරු කවදත් නිදහස්කාමියෙකි. වරක් ඔහු ජාත්‍යන්තර ටයිම් සඟරාවේ පවා ශීර්ෂ පාඨ මැව්වේ ඔසාමා බින් ලාඩන් මෙන් ඇඳ පැළඳ උපන් දින සාදයකට යාම නිසා ය. ඒ ඇඳුම දැක ලෝකය සලිත වෙද්දී ඇඳුමෙන් කෙනෙක් ත්‍රස්තවාදියෙකු නොවන බව කියමින් හැරී කුමරු මද සිනා පෑවේය. ඔහු ගංජා ගසන්නට උවමනා විට ගංජා ගැසුවේය. අදත් එය එසේ ය.

මංගල සීනු හැඬවීමෙන් ඉක්බිති ඔවුන් දිවි ගෙවනු ඇත්තේ කෙන්සින්ටන් මාළිගයේම කොටසක පිහිටා තිබෙන නොටිංහැම් කොටේජයේ ය. බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි පස්වැන්නා වන හැරී කුමරු තනිකඩයෙකු ලෙස දැනට ජීවත් වන්නේ ද එහි ය.

මේ කෙන්සින්ටන් මාළිගය, පොඩි පුතාට මවගේ මතක මවයි. එදා චාල්ස් කුමරුගේ ආදර අන්දරයේ කැමිලා පාකර් බෝල්ස් නමැති අනියම් පෙම්වතියට එරෙහිව පරාජිත බිරිඳගේ චරිතය රඟපෑ ඩයනා කුමරිය, “ඔව්, මේ සම්බන්ධෙ අපි තුන්දෙනෙක් හිටියා... තදබදය ටිකක් වැඩියි..” යැයි බීබීසී පැනරෝමා වැඩසටහනේදී කඳුළු තදකරගෙන කීවාය. ඉන්පසු ඒ වැඩසටහන නැවත නැවතත් නරඹමින්, බුමුතුරුණු කඳුළින් තෙත් කරමින් තමන්ට සාප කරගනිමින්, කිසිවෙකු විසින් තමන්ව ඔසවා අඳුරු අගාධයක් වෙත නැවත නැවතත් විසිකර දමනු සිහිනෙන් දුටු තැන මෙතැන ය. ඉක්බිති විය යුතුවම තිබූ දෙයක් ලෙසින් කඩවසම් පාකිස්ථාන දොස්තර එන තෙක් ඉවසුම් නැතිව ඇය බලා සිටි තැන මෙතැන ය.

හැරී කුමාරයාට පැපරාසීන් පේන්නට බැරි ය. තමන්ගේ පෙම්වතිය දික්කසාද වූ හොලිවුඩ් නිළියක් බව දැනගත් විට බ්‍රිතාන්‍යයේ පැපරාසි පුවත්පත් හුස්ම හිරකරගත්තාක් මෙන් ඇගේ ඡායාරූපය මුල් පිටුවේ පළ කරමින් ගොසිප් ලියන්නට පටන් ගත්තේය. පැපරාසියෝ ඇගේ ගෙට පැන්නහ. ඇගේ සියලුම පැරණි පෙම්වතුන් එකෙක් නෑර ඉන්ටවිව් කරන්නට පටන් ගත්හ. මුලින් ඔහු තුං නොදකින් කියාවත් ඒ දෙස අවධානයක් යොමු නොකළ නමුත් එයින් සිය හද දිනූ යුවතියට අසාධාරණයක් වනු දුටු විට ඔහු කළේ 2016 නොවැම්බරයේදී තමන් සහ මර්කෙල් අතර ප්‍රේම සම්බන්ධතාවක් පවතින බව කෙන්සින්ටන් මාළිගයේම නිල නිවේදනයක් මගින් දැනුම් දීමයි. එම නිල නිවේදනය ඔහු නිකුත් කරන්නේම, මාධ්‍ය විසින් ‘කැත විදිහට’ මෙගන් මර්කෙල්ට පහර දීම දැඩි සේ හෙළා දකිමිනි.

සැබවින්ම, දෙව්දුවක් වන් තම මවගේ අකල් වියෝවට බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ ඇතුළු පැපරාසි පුවත්පත් දුන් දායකත්වය ඔහුට සැමදා මතක ය. එදා ඩයනා කුමරියගේ දෙණ පිටුපස ඇදේදී ඔහු ඉතා කුඩා කොලු ගැටයෙකි. අවාසනාවන්ත සිද්ධිය වන විට ඔවුන් සිටියේ කඳුකරයේ නිවාඩුවක් ගත කරමිනි. සිය මව, ආත්මය ඉල්ලන ආදරය නොලැබ නිරුදක ජීවන කතරේ පිපාසිතව හඬනා බව පොඩි පුතු එදා දැන නොසිටියත් අද දැන සිටියි.

හැරී කුමරු මේ විවාහය හරහා සමාජයේ මුල් බැසගත් සම්ප්‍රදායකත්වයට වමතින් කණේ පහර දෙයි. තවද ඊනියා රැඩිකල් කමෙන් ඔබ්බට යමින් ‘ලිවිං ටුගෙදර්’ හෝ ‘කැෂුවල් සෙක්ස්’ වෙනුවට මෙවන් යුවතියකටම මංගල මුදුව පළඳින්නට තෝරාගනිමින් ඒ සමාජ සම්ප්‍රදායිකත්වයටම දකුණතින් ද කණේ පහර දෙයි. බ්‍රිතාන්‍යයේ අනාගත රාජ කුමාරයන් උපදින්නට ඕනෑ වන්නේ මිශ්‍ර සම්භවයක් සහිත යුවතියකගේ කුසින් බවට කුමරු දැනටමත් තීරණය කර හමාර ය. මේ වන විට හැරී කුමරුගේ තෝරාගැනීම දෙස, මහා බ්‍රිතාන්‍යයේ මියපරලොව ගිය මහා රාජාවලියේ මහ රාජිනියන් වහන්සේලා සහ මහ රජ්ජුරුවන් වහන්සේලා පරලොව සිට විලම්බීත වී ඇස් ලොකු කරගෙන බලා සිටිනවා විය යුතුය.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29423,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැරී කුමරු කැකිරි පළයි!!
හැරී කුමරු කැකිරි පළයි!!
http://ift.tt/2k4U3Wo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_275.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_275.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy