මිලේනියම් චැලේනජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ...
මිලේනියම් චැලේනජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වන ඇලිස් ජේ වෙල්ස් මහත්මිය සඳහන් කරයි.
මේ හරහා ඉඩම් ලියාපදිංචි කිරීමේ හා මාහා මාර්ගයන්හි ප්‍රතිසංස්කරණ සිදුවෙනු ඇති බවත් ඇය සඳහන් කරයි.
“අපිට තවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමක් තිබෙනවා. අපි ළඟදීම ශ්‍රී ලංකාවේ එය දියත් කරනවා. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීමේ හා මහා මාර්ග ප්‍රතිසංස්කරණයන් සිදුවෙනු ඇත. මේ හරහා ආර්ථික සංවර්ධනයේ දොරගුළු විවෘත වෙනු ඇත.” යැයි ඇය සඳහන් කරයි.
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැති සංවාදයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඇලිස් ජේ වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරියක්ද වෙයි.
පසුගිය ජනපතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳව දැඩි අවධානයක් යොමුවූ අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියක් සහිතව සම්මත කිරීමට එවකට පැවැති රජය තීරණය කළේය.
පසුගියදා සිය ධුරයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙම ගිවිසුම අත්සන් නොකරන බවයි.
එම්.සී.සී. ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර එය ලබාගැනීමට ප්‍රථමව ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබේ.
COMMENTS