ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා කඩාකප්පල් කරනු ලබන්නේ විදේශ බලවේග විසින් බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා කඩාකප්පල් කරනු ලබන්නේ විදේශ බලවේග විසින් බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඒ සඳහා දායක වන බවයි ඔහු කියාසිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීම සඳහා ඔවුන් දෙදෙනාට උදවු ලැබෙන්නේ ඉන්දියාවෙන් බවද මෙහිදී සඳහන් කෙරුණා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ජනාධිපතිතුමා කිව්වා ඒකාබද්ධ විපක්ෂයේ අයට සාකච්ඡා කරන්න එන්න කියලා.. එයාලා මොනාද කළේ..ලියුමක් යැව්වා.. කරුණු 06ක් දාලා.. කොන්දේසි 06 ගැන හරි කතා කරන්න රටේ ජනාධිපතිවරයා අඬ ගහපුවාම යන්න එපැයි. හරිද බැරිද කියන්න හරි යන්න තිබ්බා නේ. ප්‍රසන්න රණතුංගයි බැසිල් රාජපක්ෂයි දෙන්නම ඉන්දියාවෙන් බැඳලා ඉන්නේ..ඔවුන් දෙන්නා තමයි ඉන්දියාවට ඕන විදිහට මේ වැඩ කරන්නේ. ඉන්දියාව තමයි ඔවුන් දෙන්නාව මෙහෙයවන්නේ. " යනුවෙනි.
ඇතුළේ විසඳා ගැනීමට හැකියාව තිබූ ප්‍රශ්න විසඳා නොගැනීම පක්ෂයේ අර්බුදවලට ප්‍රධාන හේතුව බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පස්සර ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.
COMMENTS