නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කරන සියලූම පොලිස් නිලධාරීන්ට විරුද්ධව පෞද්ගලික වශයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඊයේ (2...
නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කරන සියලූම පොලිස් නිලධාරීන්ට විරුද්ධව පෞද්ගලික වශයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඊයේ (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල්.පීරිස් මහතා මේ බව පැවසීය.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවත්, එයට මුලික හේතුව වී ඇත්තේ “එළිය“ නමින් සංවිධානයක් පිහිටවා ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම බව ද ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
බිය ගැන්වීම් සිදු කර බන්ධනාගාර ගත කිරීමේ වැඩ පිළිවෙළක් FCID හරහා මෙම රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ පොලිස් නිලධාරීන් සිය රාජකාරිය පැහැර හරිමින් සිටින බව ද ජී.එල්.පීරිස් මහතා පවසයි.
COMMENTS