දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් අර්බුදයට රජය වගකිව යුතුයි - ඛනිජ තෙල් වෘත්තීය සමිති
Homeප්‍රවෘත්ති

තෙල් අර්බුදයට රජය වගකිව යුතුයි - ඛනිජ තෙල් වෘත්තීය සමිති

PropellerAds

අදාල ලිපිය පහතින්.....   ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ‘‘සිපෙට්කෝ හවුස්’’,  දෙමටගොඩ. ...

පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තා ජනාධිපතියි - හරීන් තවත් හෙලිදරවුවක
කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
තෙල් අර්බුදයට රජය වගකිව යුතුයි - ඛනිජ තෙල් වෘත්තීය සමිති
අදාල ලිපිය පහතින්.....
 
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,
‘‘සිපෙට්කෝ හවුස්’’, 
දෙමටගොඩ.
 
ගරු ඇමති තුමනි,
 
රටතුල නිර්මාණය වී ඇති පෙට්‍රල් හිඟය පිළබඳවයි 
 
මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් වල පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
 
අප වෙත ලැබී ඇති තෝරතුරු අනුව මේ සඳහා මුලික හේතුව වී ඇත්තේ මීට සති 02 කට පෙර LIOC සමාගම ගෙන්වන ලද පෙට්‍රල් මේ. ටො. 30000 ක් නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා ගොඩබැම ප්‍රතික්‍ෂේප වීමත්, ඒසඳහා ආදේශික නැවක් පොරොන්දු වූ දිනයට ගෙන ඒම කඩාකප්පල්කාරී ලෙස පැහැර හැරීමත්, තෙල් සංස්ථාව ඇනවුම් කොට ඇති නැවක් ප්‍රමාද වීමත්ය. 
 
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුධයක් නිර්මාණය කොට ප්‍රතික්‍ෂේපිත නැව ගොඩ බැමට උත්සහා කරණ බවට සාධාරණ සැකයක් මතුවන්නේ එම නැව ත්‍රිකුණාමලය මුහුදේ තවමත් නවතා තිබීම තුලයි. 
 
මේ සියල්ල හමුවේ රටේ තෙල් අර්බුධයක් නිර්මාණය වුවද ඊළඟ නැව පැමිනෙන තෙක් අපහසුතා මැද වුවද පරිභෝජනයට ප්‍රමානවත් ඉන්ධන පවතින බවත් පැවසේ. නමුත් පැතිර ගිය කටකතා හා බෙදාහැරීම් ජලයේ අක්‍රමිකතා නිසා රටතුල මහත් අර්බුධයක් නිර්මාණය වී ඇති බව නොරහසකි.
 
LIOC සමාගම මෙලෙස අත්තනෝමතික ලෙස තීන්දු ගෙන රටේ ජනතාව අපහසුතාවයට පත්කිරීමට ඉඩදී රජය නිහඩව සිටීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමු. මෙයට එරෙහිව රජය ගෙනඇති පියවර වහා රටට හෙලිකලයුතුය. 
 
LIOC සමාගම ප්‍රතික්‍ෂේපිත නැව වෙනුවට නැවක් ලබා නොදීමත්, CPC ඇනවුම් කල නැව ප්‍රමාධ වීමත්, වැඩවර්ජනයක් පිළිබඳ රටතුල අසත්‍ය ප්‍රචාර පැතිරවීමත්, ප්‍රතික්ෂේපිත නැව ගොඩබැමට උත්සහා කිරීමත් අතර යම් සම්බන්ධයක් පවතී ද යන්න වහා සොයාබලන ලෙසත් මේ මුවාවෙන් බාලතෙල් රට තුලට ගොඩබැම වලකන ලෙසත් ඉල්ලා සිටිමු.
 
CPC ඇනවුම් කල නැව ප්‍රමාධ වීමට හේතු සොයාබලන ලෙසත් එම ප්‍රමාදය නිසා සිදුවන හානි පුර්ණය සඳහා සැපයුම් කරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් යෝජනා කරමු.
 
රටට අවශ්‍ය රක්‍ෂිත ඉන්ධන තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති බව අප දිගින් දිගටම පෙන්වාදී ඇත. ඒ සඳහා ත්‍රිකුණාමලය ටැංකි 10ක් ලබාගනීමට අනුමත කැබිනට් තීන්දුව LIOC බලපෑම මත ක්‍රියාත්මක නොකිරීම මෙම අර්බුධයට ප්‍රධානතම හේතුව බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා රජය සම්පුර්ණයෙන්ම වගකි  යුතුය. 
 
LIOC සමාගම 20%ක  පමණ වෙළද පංගුවක් හිමි කරගනිමින් මෙලෙස රටටම බලපෑම් කරයි නම් ත්‍රි’මලේ තෙල් ටැංකි සම්පුර්ණයෙන්ම LIOC ට ලබාදීම තුල ඇතිවිය හැකි අනිටු ප්‍රතිපල පිළිබඳ අප අවධාරණය කරමු.
 
එමනිසා රජය වහා මැදිහත් වී LIOC සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියා සඳහා නිසි පියවර ගතයුතු බවටත් රටේ ජනතාව අපහසුතාවයට පත් නොකොට ප්‍රමාණවත් රක්‍ෂිත තොග පවත්වාගෙන යාමට වහා ත්‍රි’මලේ තෙල් ටැංකි CPC යට පැවරිය යුතු බවටත්, අවධාරණය කරන අතර ජනතාව පත්ව ඇති අපහසු තත්වයන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි. 
 
මෙයට,
ඩී. ජේ. රාජකරුණා 
ලේකම්,
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් අර්බුදයට රජය වගකිව යුතුයි - ඛනිජ තෙල් වෘත්තීය සමිති
තෙල් අර්බුදයට රජය වගකිව යුතුයි - ඛනිජ තෙල් වෘත්තීය සමිති
http://ift.tt/2zkxvEI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_169.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_169.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy