රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි...
රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසූවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට අඳහස් පළ කරමිනි.
එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද පැවසී ය.
“අලුත් අධිකරණ අමැතිවරියක ඉන්නවා.මේ කටයුතු සාධාරණ ලෙස විසඳාවී කියලා බලාපොරොත්තු වෙනවා . සිරගත කර ඇත්තේ, සමාජ විරෝධි අපරාධ කළ අය නොවේ. ඒ ගැන තර්ක කරන්නේ නෑ. මේවට දේශපාලන තීන්දු ගත යුතුයි. 71 තරුණ අරඟලය, 88- 89 අරගලය වැරැදි කළ අය විමර්ශනය කර ඔවුන් නිදහස් කළා. ඇයි මේ අයටත් එම තීන්දුව ගන්න බැරි. පුද්ගලික වරදක් මොවුන් කර තිබේ නම් මම කියන්නේ නෑ නිදහස් කරන්න කියලා.
මේ අය සම්බණ්ධයෙන් වෙනම සොයා බැලිය යුතුයි. ජනාධිපතිතුමා ඝාතනය කරන්න පැමිණි අයටත් සමාව දුන්නා. ඇයි මේ පුද්ගලයන්ට එසේ කරන්න බැරි. නැවත වරක් මේ ගැන සිතා බැලිය යුතුයි. අපි සාකච්ඡා කරමු. වැඩපිළිවෙලකට එමු.
මේ රටේ නොයෙක් පුද්ගලයන් සිටිනවා, ජාතිවාදය අවුලා යටපත් කරන උදවිය. පුද්ගලයන් නිඳහස් කළොත් රට බෙදෙනවා කියලා, කියනවා. මේ කරුණු තවම නොවිසිඳී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා, නීතිපතිතුමා සමඟ තීන්දුවකට එන්න හැකිවෙවී. මෙවැනි ප්‍රශ්න සහජීවනයට හොඳ නෑ. දැන් මේ රටේ යුද්ධය ඉවරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත මතු වෙනවාට කැමැති නෑ“ යැයි විපක්ෂනායකවරයා පැවසී ය.
COMMENTS